Tuesday, December 6, 2022

චිත්ත+පටි

මම දිමන්ත. මගේ බ්ලොග් පිටු වල මගේ සහාසික බවේ අභිරහස සොයමින් ලියවුනු බොහෝ ලේඛණ ඇත.

මට වයස 27 යි. වසරක සිට අසාර්ථක වෘත්තීය ජීවිතයකට හිමිකම් කියමි. (2018 Mar. - 2019 Mar.)

මා තුළ නලියන සහාසිකත්වය උපතින් ගෙන ආ සා0සාරික චරිත ලක්ෂණයක්ද බව මට විටෙක සිතේ.

මම මෙම තත්ත්වය හෙවත් ප්‍රහේලිකාව ක්‍රමයෙන් විසදමින් සිටිමි.

මෙහි එන සියළු සිද්ධින් සත්‍ය වේ. මෙය කියවා ඔබ අනිවාර්යයයෙන්ම මා බින්නොන්මාදයෙන් පෙලෙන පිස්සකු බව සිතනු ඇත. කම් නැත. මෙය මට නම් පාපොච්චාරණයකි.

බොහෝ විට උම්මතකයින්ගේ සිතුවිලි කියවීමට පාඨක පිරිස වැඩියි.

මෙහි එන ස්ත්‍රී චරිත ස්ත්‍රීන් ලෙසම නිර්නාමිකව ඉතිහාසයේ යටගියාවක් වනු ඇත. එය මට සිතාමතා කරන ප්‍රයෝගයකි. ස්ත්‍රී සාධකය මට නම් සැමවිටම සංකීර්ණතවයකි.

මම සහාසික වන විට දත් මිටි කමි. දත් මිටි තුලින් තිත්ත රසක් ජනනය වේ. එම රසය සමඟ මගේ මමත්ත්වය වැඩිවේ.

මම අර්ථ රසයට වඩා ශබ්ද රසයට කැමැත්තක් දක්වමි. ගීතය, කවිය හා සංගීතය මාගේ ප්‍රධාන ජීවන රසකාරකයකි.

මම කෝපයට පත්වූ විට  විවිධාකාර වෙමි. මනසින් මිලියන, බිලියන හා ට්‍රිලියන ගණනකට බිඳී යමි. ලෝකය විනාස කරමි.

මම විටෙක 'තෝර්' වෙමි. [ 'තෝර්' යනු මාර්වල් සිනමා නිෂ්පාදකයන් ගේ සිනමා කෘති හයක නිරූපිත කාටුන් වීර චරිතයක සැබෑ සජීවී නිර්මාණයකි. ඔහු දෙවි කෙනෙකි. ක්‍රිස් හෙම්ස්වර්ත් ඔහුගේ චරිතයට පන පොවයි.] 'තෝර්' නම් අකුණු හා 'ගොරවනවට' අධිපති ජීවිතයට අදාළ දේශපාලනය මාගේ කුටුම්භ හා සමාජ ජීවිතයට මා ආදේශ කරමි. ['තෝර්' / Thor යනු නෝර්වේජියානු දෙවි කෙනෙකි. මා ඔහුව දන්නේ 'මාර්වල්' සිනමා කෘති හරහාය.]

මගේම 'බොහිමියානු රප්සැදියක්' ගයමි. පිස්සෙකු වෙමි. යථාර්ථයෙන් ඇත් වෙමි.

මේ සෑම මොහොතකම දත් මිටි කමි. ලෝකය විනාස කරමි. 'තෝර්' වෙමි. මගේ ජීවිතය සාර්ථක වේද, අසාර්ථක වේද යන්න මම 'Thor' / තෝර්' සාධකයට සීමා වී ඇත.

මමත්වය ජයගෙන ඇත. මා මගේම ලෝකයේ පිස්සකු වී ඇත.

ඇයගේ රංගනයන් හමුවේ මත්වී ඇත. පිස්සකු වී ඇත.

මට මගේ BIG MATCH ගිය තුන්වරක් සිහි වේ.

පිස්සෙක්.............පිස්සෙක්.................. පිස්සෙක්................. පිස්සෙක්................පිස්සෙක්............

උන් මටද යකෝ කෑ ගහන්නේ.

මම සිතමි.

ජීවිතයේ කාලය අනන්තය දක්වා විහිදෙන හැඟීමක් බව මට සිතේ.

මාගේ ආදේශපාලනික කෙටි කාලින සිතුවිලි හරියට ස්වයං වින්දනය කරනවා හා සමානයි.

දැක්මක් නැත.

මම තනිවම දත් විලිස්සාගෙන සිනාසෙමි.

"සිනහව අතරින් කඳුළක් උපන්නා............"

පැරණි ගීය ගයමින් මම සිනහ වෙමි.

නමුත් කඳුළු නැත.

පොත් ගොඩක් මැද තනිවූ සහාසික බින්නොන්මාදී කමතුරයා පමණි.



No comments:

Post a Comment

Resolutions : 2024

  By the end of 2023 like the previous year (2023) I personally established a list of resolutions focusing on goal achievement which will en...