Sunday, December 24, 2017

"දැනුනා" [ඉරාජ් වීරරත්න ගේ නව සංගීතමය නිර්මාණය දෙස කෙරෙන විචාරාත්මක විමසුම]



ඉරාජ් වීරරත්න හෝ "ඉරාජ්" යනු ශ්‍රී ලංකා "රැප්" හා "හිප් හොප්" සංගීතඥයකු වන අතර ගීත රචකයකු ලෙස ද අදාළ ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයෙකි.

ඉරාජ් යනු දමිළ සිනමාව හෙවත් ටොළිවුඩ් හි සංගීතයට තම හැකියාවන් ගෙන් දායක වූ ප්‍රථම ශ්‍රී ලාංකික පුද්ගලයා වන අතර ප්‍රකට බටහිර "හිප් හොප්" සංගීතඥයකු වන ෂෝන් කිංග්ස්ටන් සමගද තම දක්ෂතා පෙන්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වේ. (Wikipedia.com)

මෙම ලිපියෙහි අරමුණ ඉරාජ් ගේ සංගීත වෘත්තියේ ලද සාර්ථකත්වයන් පිළිබඳව සටහන් කිරීම නොවේ.

ඉරාජ් විසින් 2017 වසරේ "දැනුණා" ලෙස ගීතයක් නිෂ්පාදනය කර, එය සංගීතයෙන් හා වීඩියෝ දර්ශණ පෙළක් ලෙස නිර්මාණය කර ඔහුගේ ප්‍රකට "Youtube" නාලිකාව හරහා සැප්තැම්බර් 25 වන දින ප්‍රචාරය කර නොවැම්බර් 3 වෙනිදා වන විට මිලියන 3ක් ඉක්මවූ අන්තර්ජාල දර්ශණ සංක්‍යාවක්ද, ශ්‍රී ලාංකීය ස0ගීත රසිකයන් හා සංගීත නිර්මාණකරුවන් අතර සෘණාත්මක ප්‍රතිචාරයක්ද පවත්වා ගැනීමට සමත් විය.

ගීතය හා එයට අදාළ දර්ශණ පෙළ ආරම්භ වන්නේ එහි නිරූපිත සියලුම දර්ශණ හා සිදුවීම් මන:කල්පිත බව පවසමින්ය.

මෙම ගීතයේ නාමය "IRAJ - DANUNA ft. SAHAN and KAIZER KAIZ"

අදාළ ගීතය පහත ඇමුණුම හරහා බැලිය හැක.

https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw

මෙම ගීතයේ හා වීඩියෝවේ නිරූපිත සරල සිද්ධිය නම් ඉතාම වැඩිහිටි සංගීත ගායකයකු හා තරුණ රසිකාවියක අතර පවත්නා ප්‍රේම සම්බන්ධයත්, පසුව ඇතිවන පවුල් ජීවිතයත් එයට සමාජයෙන් එල්ලවන සෘණාත්මක හා විරෝධාත්මක බලපෑමත්ය.
ගීතයේ හා වීඩියෝවේ අවසානයේදී එම සියලුම අභියෝග මැද ඔවුන්ගේ ආදාර ජීවිතයේ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

මෙම ගීතය හා වීඩියෝව ඉතාම ඉහළ ලෙස ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයන් තුළ සෘණාත්මක ලෙස ප්‍රකට වුයේ මෙමගින් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ සිටි එදා මෙදා තුර සංගීත රසික හදවත් පෝෂණය කළ දක්ෂ කළාකරුවෙක්ගේ පෞද්ගලික ජීවිතයට හානිවන ලෙස ගීතය හා එහි තේමාව සකස් වී තිබීමයි.

මෙම ගීතය කෙතරම් සෘණාත්මක ලෙස ජනතාව හා සංගීත ක්ෂේත්‍රය අතර ප්‍රකට වුයේද යත් මෙම සංගීත විඩියෝව අවඥායාවට ලක් කරමින් තවතවත් සංගීතමය වීඩියෝ පට බිහිවීම ඇරඹුණි.

අදාළ ගීතය පහත ඇමුණුම හරහා බැලිය හැක.

https://www.youtube.com/watch?v=TaDl8hMP90I

මම මෙම ගීතයේ තේමාවට වඩා එහි පවත්නා ගුණාත්මක ලක්ෂණ දෙස විමසීමට කැමැත්තෙමි. මන්දයත් ඒවායේ පෙන්නුම් කරන්නේ ඉතා දක්ෂ සංගීත නිර්මාණකරුවකුගේ දක්ෂතාවයේ බිද වැටිමකි.

ඉරාජ් වීරරත්න සංගීත ක්ෂේත්‍රයට මුලින්ම පිවිසියේ "රනිදු ලන්කගේ" නම් ශ්‍රී ලාංකික හිප් හොප් හා R & B ගායකයා සමග වන අතර දෙදෙනාගේ සාමුහිකත්වයෙන් බිහිවූ බොහෝ නිර්මාණ ශ්‍රී ලාංකීය හිප් හොප් සංගීතය අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට ගුණාත්මක මෙන්ම ඉහළ තරගකාරිත්වයකින් යුතුව බිහිවී තිබුණි.

 මොහුගේ සංගීතය ශ්‍රී ලංකාවේ සිටි "භාතිය හා සන්තුෂ්" (B n S) හෝ භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන හිප් හොප් සංගීත යුගලයට තරගයක් දීමට තරම් ඉහළ ගුණාත්මක මට්ටමකින් පැවතිනි. භාතිය හා සන්තුෂ් පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ආදායම් වාර්තා තැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

ඉරාජ් වීරරත්න 2010ද ඔහුගේ ප්‍රථම සංගීත එකතුව වන IRAJ (2010), Chapter 02 : ALOKE (2013) හා Manamali (2014) පසුව ඉතා ඉහළ ලෙස තම ගුණාත්මක තරගකාරී සංගීත නිර්මාණකරණයේ යෙදුනද, පසුව 2014 සිට 2017 දක්වා ඉතා ඉහළ ලෙස තම හැකියාවන්ගේ ගුණාත්මක බව පහළ බැස්මක් නිරුපණය කර ඇත.

මෙයට මුලික හේතුව ඔහු විසින් ඉතාම සමාජීය හා සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජයේ තුළ සංවේදී ලෙස සැලකෙන තේමාවත් තම සංගීතමය වීඩියෝව හරහා නිරුපණය කිරීම මගින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට තැත්කිරීමත් එය ප්‍රත්‍යක්ෂ ලෙස පෙනිමත්ය. නමුත් සමගාමිව සංගීතය, පද මාලාව, වීඩියෝ පටයන්  හි හා තාල මෙන්ම රිද්ම වලද ගුණාත්මක බව බිදවෙටීම නිසා දක්ෂ දේශීය හිප් හොප් සංගීත නිර්මාණකරුවකුගේ පිරිහීමක් දක්නට ලැබේ.

ඉරාජ් ගේ "දැනුණේ" ද එවැනි ගණයෙහි ලා සැලකිය හැකි නිර්මාණයකි.

එමනිසා දේශීය හිප් හොප් රසිකයන්ට පැවසීමට ඇත්තේ මෙවන් සංගීතමය නිර්මාණ වෙත කාලය නාස්ති නොකොරණ ලෙසයි.

ඉරාජ් ඔහුගේ 2010 සිට 2014 දක්වා කාළය තුළ පෙන්වූ සංගීතමය කුසලතාවය ඉදිරියටත් මෙවැනි අසාර්තකත්වයක් මග හැර ශ්‍රී ලාංකීය හිප් හොප් රසිකයන් පිනවයි යන බලාපොරොත්තුවෙන් මෙම ලිපිය අවසන් කරමි.

මම උපාධිදරයෙක්මි. අනාගතය දෙස බලා සිටිමි. / I'm a graduate. A doubtful future.






I officially got graduated on 7th of December, 2017.

My honest thoughts were confusing.

Overall things are fine now.

I said overall my life is fine now. But let me elaborate.

2017/12/09 is a significant day for me. After my primary, secondary and tertiary education I have become a graduate passing a very confusing and a complicated youth.

If I could write down the financial losses, mental and physical pains it would be another bittersweet experience.

Therefore I and My family have endured a lot of losses in order to achieve this life goal of mine, leaving me with mixed feelings about this achievement.

On 23rd November 2017, I started cleaning my residence, where I have to clean our library with immense pressure and uncomfort.

I invested half of the money I earned from an auditing career in a Fixed deposit at a Licensed Commercial Bank (LCB) and another half in books. (History and Fiction) 

My next academic objective in my life which is preparing to Chartered Accountants of Sri Lanka Executive level has become a daunting task due to my laziness.

I have also become a lazy professional.

I used to do physical exercise alot in 2015 and 2016. But I have reduced my physical exercises in 2017.

Accordingly, I have increased my daydreaming leading to increased blogging.

But I am hoping to achieve my academic objectives by working hard.

Our home has changed positively. My father is spending his time happily after retirement at home. My mother watches her teledramas and attends to her religious activities. My brothers are now young lovers.

I am still confused with love.

I feel I'm matured with time now.

But I only have Rs. 300/= in my savings account which makes me poorer than a beggar in Sri Lanka.

I have spent 1/3rd of life span as a healthy human being.

I'm hoping to spend my rest 2/3rd of life not as a daydreamer but as a practical human being.

I am looking forward to the future with uncertainty.

Laziness due to stress, competitiveness in professional life, my love for art and the rise of depression has increased my barriers to achieving my objectives.

Under these circumstances, I wait for my future.

I blogged my ideas in Sinhala as well.

 2017/12/09 දින වන විට මාගේ ජීවිතයේ ඉතාමත් තීරණාත්මක පිටුවක් පෙරළි ඇත. මා දැන් ප්‍රාථමික, ද්විතියික හා ත්‍රතිය අධ්‍යපනයෙන් පසු වසර 7 කට පසුව උපාධිධරයෙක් ලෙස උසස් අධ්‍යාපනයෙන් පළමු කඩ ඉම ඉතාම ස0කීර්ණ හා ව්‍යාකුල තරුණ සමයක් ගත කරමින් මෙම මොහොතට පැමිණ ඇත.

මෙම කඩඉම පසු කිරීමට අප පවුල විසින් දැරූ මුල්‍යමය, කායික හා මානසික වේදනාවන් ලියා වෙන්කර දැක්විය හැකිනම් එය ඉතාම තවත් දුක්බර කාර්යයක් වනු ඇත.

එම නිසා මෙම මොහොතේදී අපගේ පවුල තුළ සතුට හා දුක මිශ්‍රිත සුස0යෝගී හැගීම් දරාවක් ගලා යයි.

2017 නොවැම්බර් 23 දින මට අපගේ නිවස පිරිසිදු කිරීමට පටන් ගත්තෙමි. අපගේ නිවසේ පැවති බොහෝ පැරණි පොත් මෙන්ම, පැවති අනවශ්‍ය පොත් හා අතිරේකව ඇති පොත් ලෙස වර්ග කරමින් මෙම ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ මෙන්ම අපහසු ලෙස සිදුකරණ යන්නට මට සිදුවී ඇත.

මා වසර දෙකක විගණන ජිවිතයෙන් උපයාගත් මුදල් වලින් අඩක් ඉතිරි කළ අතර ඉතිරිය සාහිත්‍යමය හා ඉතිහාස පොත් වල ආයෝජනය කළෙමි.

මට දැන් ශ්‍රී ලංකා වරලත් ගිණුම්කරණ ආයතනයේ විධායක විභාග සදහා මාස තුනක සිට උදාසීන ලෙස ලැහැස්ති වෙමි. රැකියා ජීවිතය ද බොහෝ උදාසීන වී ඇත. මා 2015 හා 2016 වන විට ව්‍යායාම් වල ඉහළ ලෙස යෙදුණ නමුත් දැන් 2017 දි ඉතාමත් අවම වශයෙන් මේ සදහා යොමු වේ. මා තුළ මනොබවාත්මක සිතුවිළි වැඩිය. මා මගේ බ්ලොග් පිටු සදහා වැඩි කාලයක් වෙන්කර ඇත. නමුත් මා කෙසේ හෝ මෙම අධ්‍යාපනික අරගලය තනියෙන් ස්වාධීනව ජය ගැනීමට ඉටා ගනිමි.

අපගේ නිවස වෙනදාට වඩා අලෝකවත්ය. තාත්තා ඔහුගේ විශ්‍රාම දිවිය හොදින් ගෙවයි. අපේ අම්මා රූපවාහිනී නාට්‍ය බලමින් ඇගේ පින් දහම් කටයුතු කරමින් සිටියි. මාගේ පොඩි සහෝ හා ලොකු සහෝ දැන් ප්‍රේමවන්තයන්ය. මා ප්‍රේමයට දැක්වූ ඒ සංකීර්ණ අකමැත්ත කුමක්දැයි මට තවම අපැහැදිලියි. මම දැන් ජීවිතය දෙස ඉතාම පරිණත ලෙස දැකීමට හුරුවී ඇතැයි සිතේ.

නමුත් මගේ බැ0කු ඉතිරුම් පොතේ ඇත්තේ රු. 300.00/= කටත් අඩු ප්‍රමාණයක් ය. මා දැන් ලංකාවේ යාචකයකුටත් වඩා අඩු ඉතිරුම් ඇත්තෙකි.

මා දැන් ශ්‍රී ල0කාවේ සාමාන්‍යය නිරෝගී පිරිමියකු ගේ ආයු කාලයෙන් 1/3 ක් වළදා ඇත්තෙමි. ඉතිරි 2/3 මනෝබවත්මක ලෙස ගතකරනවාට වඩා ප්‍රයෝගිකව ගත කිරීමට මා කැමැත්තෙමි. එම අනාගතය දෙස මා ඉතාම අවිනිශ්චිතතාවයකින් බලා සිටින්නෙමි.

ආතතිය හරහා නැගුණු උදාසිනත්වයත්, වෘත්තීය තරගකාරිත්වයත්, ලගදී මා තුළ උපන් ඒ කැකැරුණු කලාකාමී රසිකයා අවදිවීමත් හා අදුරු මානසික සිතුවිලි හා සෙවනැළි ඉතාම සංකීර්ණ ලෙස මාගේ ජීවිතය මා හට විශාල වගකීමක් පටවා ඇත. මෙවන් මට්ටමක් මත මා අනාගතය දෙස බලා සිටින්නෙමි.


Saturday, December 16, 2017

චරිතාපධානය (පිස්සු) [කෙටි කතාවකි.]



මෙය සිංහල කෙටි කතාවකි.

'Lifer' බ්ලොග් පිටුවේ පලවන කෙටිකතාවල නම් ගම් හා චරිත සියල්ල මනඃකල්පිත වේ. එම කතාවලට සම්බන්ධ ආයතන ද එසේම මනඃකල්පිත වේ.

චරිතාපධානයක් ලිවිම හා සැලසුම් කිරීම ගැන කියවෙන මෙය කතුවරයා ඔහුගේ මානසික අභ්‍යන්තරයේ ගැටළුද විසදගන්නා අකාරයක් දැකිය හැක.

මෙය ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන "ක්වින්ටින් ටරන්ටිනෝ (Quentin Tarantino)" හා "ගායි රිචි (Guy Ritchie)" ගේ අවස්ථා වර්නන ආකාරයට නිර්මාණය වී ඇති බව කීවට වරදක් නැත.

මෙහි "The Breaking Bad (2008 - 2013)" හි පවත්නා පාරිසරික සිනමාත්මක වර්ණනයන් භාෂා භාවිතයෙන් නිරූපනයක් ලෙසද පෙන්විය හැක.

මෙය මාගේ අධික චිත්‍රපට නරබිමෙන් ලද අභාෂය හා පරිචය මින් පිළිබිබු කිරීමට තැත් කිරීමකි.

මෙහි සිගරට් භාවිතය සදහන් වුවද එය ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බව සිහියේ තබා ගත යුතුය.

මෙහි අවස්ථා, චරිත හා සිද්ධීන් සියල්ල මන:කල්පිත වේ.

මම 2011 නොවැම්බර් මස සිට 2012 දෙසැම්බර් දක්වා විජය පුවත්පත් සමාගමේ ක්‍රීඩා අංශය විසින් නිර්මාණය කරන ලද මිරර් ස්පෝර්ට්ස් වෙබ් [Mirror Sports Web (MSW)] වෙබ් අඩවියට අවශ්‍ය සිංහලෙන් ප්‍රකාශිත පුවත් පත් ලිපි ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන කාර්ය භාර්ය ට සහයෝගය දෙන ලදී. මෙය තාවකාලික හා කෙටිකාලින රැකියා අවස්ථාවක් වූ අතර මෙය මා හට ලබා දුන්නේ දමින්ද විජේසුරිය මහතා විසිනි.

(මෙම පුද්ගලයා පිළිබඳව ට්විටර් (Twitter) හරහා මෙම ගිණුමෙන් සොයා ගත හැක - https://twitter.com/daminda_wije. )

වර්තමානයේ මෙම වෙබ් අඩවිය "කෙළිමඬල" (Kelimandala.lk) ලෙස 2013 සිට ක්‍රියාත්මක වේ.

(මෙම වෙබ් අඩවිය මෙහි ඇති ඇමුණුමෙන් සොයා ගත හැක. - http://kelimandala.lankadeepa.lk/ )

මෙම ලද හොඳ අත්දැකීම් මා හට මෙම ලේඛණයට සහයෝගී වූ බව සතුටින් මෙන්ම කෘතගුණ කථනයක් මෙන් ලිය තබමි.
...............................................................................................................................................................

මෙය ලියවෙන විටත් මිනිසකුගේ ජීවිතය දෙස විවෘත මනසින් බැලිමට තවත් මිනිසෙක් යොමු වන්නේ ඇයි දැයි මම සිතුවෙමි.

මම නුතන ප්‍ර කට කවියෙකුගේ චරිතපධානයක් ලියමි.

ඔහුගේ ඉතාම සුන්දර වුද අසුන්දර වුද මතකයන් මම පොතට එක්රැස් කරමි. කාලය හා මනස තුළ පවත්නා ඔහුගේ පරිණත බවත් ග්‍රන්ථාවලියේ ඇති ව්‍යාකුල මෙන්ම සංකීර්ණ බවත් ලියන්නෙමි. මෙය ලියද්දි මම ඔහු සමග දවස් ගණන් කල් මැරුවෙමි. ඔහුගේ කවි පොත් කියෙව්වෙමි. ඔහුගේ නෑදෑයින්, සහෝදරයින් හා අනෙකුත් සම්බන්ධ පාර්ශව සමග කතා කරමින්, සටහන් තබමින් හා විමසමින් කල් මැරුවෙමි.

එක් පුද්ගලයකු පිලිබදව විවිධ මත දැරිම්ටත් විවිධ අයුරින් පුද්ගලයකු විමසීමත් ඉතාම වෙහෙසකර තොරතුරු හා දත්ත දාරාවකි.මෙම ප්‍රවාහය නිසි අයුරින් විමසමින් මම කවියාගේ තොරතුරු විශ්ලේෂණය කළෙමි. ඔහුගේ පෞද්ගලික ජීවිතය, වෘත්තිමය ජීවිතය හා සාහිත්‍යධරයකු ලෙස ජීවිතය මම වෙන්කර තැබුවෙමි. පසුව ඔහුගේ වයස අනුව ළමා කාලය, යොවුන් විය, තරුණ විය, මැදි විය හා මහළු විය ලෙස විවිධ මට්ටම් වලින් බෙදා වෙන්කරන ලදී. මෙසේ බෙදා වෙන්කරන ගත් කවියාගේ ජීවිතයේ තොරතුරු ඒ ඒ ලෙස පුද්ගලයාගේ අදාල කොටස්වලට මම එකතු කරන ලදී. එවිට ඔහුගේ ජීවිතයේ යම්කිසි දියුණුවක්ද, යම්කිසි පරිහානියක්ද, යම්කිසි මානසික එකාග්‍රතාවයක්ද විටෙක බිදවෙටුන කාලයක්ද විටෙක බලාපොරොත්තු නොවූ මානසික ශක්තින්ද දක්නට ලැබේ. එය විවිද කාණ්ඩගත කිරීම් වලින් පසුව විමසද්දි මට එහි පැහැදිලි බවක් පෙනිණි.

මම වෘත්තිමය ජන මාධ්‍ය වෙදියෙක්මි. විවිධ සංකීර්ණ මෙන්ම ව්‍යාකුල වුද කාලයක් මමද ගත කර ඇත. මම  ශ්‍රී ලංකාවේ ජනතාව අතර මධ්‍යම වශයෙන් ප්‍රකට වූ පුවත්පතක තීරු ලිපි කිහිපයක් හා සාහිත්‍ය විචාරයේ යෙදෙන්නේක්මි.

මම දේශපාලනික වශයෙන් විවිධ මත නොදැරුවත් මුලික වශයෙන් ශ්‍රී ලංකාවේ ලිබරල් හා ධනවාදී මතදරණ ශ්‍රී ලංකාවේ ප්‍රකට හා පෑරනිම දේශපාලන පක්ෂයට ප්‍රසිද්ද ලෙස සමාජය ඉදිරියේ ජනමාධ්‍ය වෙධියකු ලෙසත් මාගේ තීරු ලිපි, සාහිත්‍ය විචාර හරහාත් මගේ මතවාධය ජනතාකරණය කර ඇත.

මම ඉතාම පහළ මධ්‍යම පාන්තික පවුලක පෞද්ගලික අංශයේ ලිපිකරුවකුගේ පුතකු ලෙස ඉපිද පසුව මාගේ උත්සාහයෙන් නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙළා ගත්තෙක්මි. මම ඉතාම තරුණ වයසේදී මෙම පුවත්පත් රැකියාව සොයා ගත්තෙමි. මම දැනටමත් විවිධ කාව්‍ය හා ගද්‍යය කිහිපයක් පළකර සාර්ථකත්වයක් ලැබුවෙක්මි. විවිධ විචාරකයන් ඒවා සංකීර්ණ මෙන්ම ඉහළ ලෙස විවේචනයට ලක් කර ඇත්තේ එහි පවත්නා අසම්මත මෙන්ම කාලින වශයෙන් පවත්නා භාශා භාවිතයේ "දෘඩ භාවය" ලෙස හං වඩු ගසමින්ය. මම දකින්නේ මෙය නව්‍යතාවයක් ලෙසය. ඔවුන් දකින්නේ මෙය ප්‍රසිද්ධිය හා විකිණුම් පරමාර්ථයෙන් තැනු නව්‍යතාවයක් ලෙසය. මෙම කෘතීන් ඉතාම දුෂ්කර විකිණුම් හරහා එහි ලාභය ලගාකරගත් නිසා මම නැවත මගේ ජනමාධ්‍යකරණයට යොමු විය.

පසුව මාගේ ප්‍රථම චරිතාපධානයට ආරාධනයක් හිමි වූ නිසා නැවත සාහිත්‍යකරණයට යොමු විය. මෙම කවියා ශ්‍රී ලාංකීය සාහිත්‍යයට අමිල මෙහෙයක් ඉෂ්ට කළ කෙනෙක් නොවේ. ඔහුගේ දේශපාලනික භූමිකාව ඉතාමත් බලවත්ය. ඔහු ඉතාම සංකීර්ණ මෙන්ම ගැබුරු ලිබරල් හා ධනවාදී මතධාරී කවියෙකි. එමනිසදෝ මා කුඩා කල සිට ඔහුගේ මතයන්ට හා කවි කෘතීන්ට ආශා කලෙමි. එම කෘතීන් සිංහල සාහිත්‍යයේ ඉතාම ඉහළ ලෙස විවේචනයට ලක්විය. ඔහුගේ ඉංග්‍රීසි කෘතින්ද එලෙසය. එයට හේතුව ඔහු ලිංගිකත්වය, ධනය, අපරාධකරුවන්, මානසික රෝගීන්, මරණය හා අධ්‍යාත්මික පරිහාණිය වැනි සංකීර්ණ මතවාදයන් තම කාව්‍ය කෘතීන් හරහා කිසිදු බියකින් තොරව ජනතාකරණය කළ බැවිනි.   එම තත්ත්වයන් ජනතාවට එදා මෙන්ම අදද ජීර්ණය කරගත නොහැකි විය. විචාරකයන්ට ද එසේය. ඒ මගේ මතයයි. නමුත් ඔහුට ප්‍රිය කල රසික ප්‍රජාවක්ද සිටියේය. පසුව ඔහුගේ නිර්මාණකරණය නැවත ජනතාකරණය කිරීමට ඔහුගේ පවුලේ අයත් රසිකයනුත් නැවත යොමු විය. ඔහුගේ කලා කෘති හා එහි මතවාදයද ඔහුගේ ජීවන චරිතයද ජනතාකරණය කිරීමට කෙටි චරිතාපදානයක් ලිවීමත් එයට වඩාත් සුදුසු මම බවත් ඔවුන් සිතුවේ මාගේ සාහිත්‍ය විචාරය හා ජනමාධ්‍ය තුළ ඔහුට ලබාදුන් ප්‍රමුඛත්වයත් මෙන්ම කුඩා කළ සිට ඔහු සමග මා තුළ පැවැති සබැදියාව වීමයි. මම ඔහුගේ කෘති වල පැවති අව්‍යාජ බව විශ්ලේෂණය කරමින් කුඩා කළ සිට ඔහුට ලිපි ලිව්වේය. පසුව තරුණ වියේදී ඔහුගේ සාහිත්‍ය සමුළු හා පෞද්ගලිකව ඔහු හමුවී ඔහුගේ සාහිත්‍ය හා මතවාදය මට කථා කරමින් සුහද සතුටු සාමිචියේ ඔහු සමග මම යෙදී සිටියෙමි.

කතුවරයා හා මම දැන් එක් පුද්ගලයකු බඳුය. මාගේ සංකීර්ණ මෙන්ම සරල මානසික සිතුවිලි මෙම කෘතිය ලිවීමත් සමග කතුවරයා හා ඒකාබද්ධ වී ඇත. මාගේ වෘත්තිමය ජීවිතය තරමක් ප්‍රමාදයෙන් හා අසාර්ථකත්වයන් පිරි ඇත. මෙම කෘතිය කෙටි වුවද එහි වචන, පිටු හා අකුරු තුළ ලේ, මස් හා නහරින් හැදුණු පුද්ගලයකුගේ සිතිවිලි, ක්‍රියාකාරකම් හා ජීවිතය ඇතුළත් වී ඇති බව පෙනේ. ඔහු එක් ජනකොට්ටාශයකගේ පැසසුමටත් තවත් අයගේ විවේචනයටත් ලක්විය. කෙසේ හෝ ජනතාව අතර ඔහු යම්කිසි සංකීර්ණ මෙන්ම සොදුරු අයුරින් නව නිර්මාණයක් බිහිකර ඒ අතර සිටීමට සමත් විය. ඔහු ජනමතයට එකතු වූ බවක් පෙනේ. එමනිසා ඔහුගේ මෙම කාර්යබාර්ය තුළ මා හට ඉතාම ඉහළ වගකීමක් ඇති බව දැකගත හැක.

මෙම වගකීම නිසාදෝ මා තුළ ඉහළ වශයෙන් මනසේ සැරිසරණ බියක් හා සංකීර්ණ හදවත ගැහෙන ස්වභාවයක් මා තුළ ඇත්තේය. සැමවිටම විටෙක මාගේ ජිවිතයේ පවත්නා අස්ථාවර ස්වභාවයන් හදුනාගැනීමට පවා මට අමතක වේ.

රැකියාවට යෑම හා රැකියාව අවසන් වී පෑමිනෙද්දී පරිසරයෙන් ඇති වෙනස්වීම් වලට මම ඉතාම මද අයුරින් ප්‍රතිචාර දක්වමි. අවකාශය හා පරිසරය අතර මා හා බැදිම් බිදවැටි ඇත. මාගේ තීරු ලිපි වල පල වූ සිනමා නළුවන්, නිලියන් හා අධ්‍යක්ෂකවරුන් අතර පැවැති සම්මුඛ සාකච්ඡා වල ප්‍රමිතිය බිද වැටි ඇත. පරණ කියවූ පොත් දෙස නව විවරණයක් දෙමින් මම නව මං නොසොයා සාහිත්‍ය විචාරයට අඩු තැනක් දී ඇත. මගේ ජීවිතය ඉතාම ගැබුරු මර නින්දක ඇති නපුරු සිහිනයක් වැනිය.

තම ජීවන ආකෘතිය හා වෘත්තිමය දෘෂ්ටිවාදයට බලපෑ මෙම පුද්ගලයාගේ ජීවන චරිතය ලේඛණගත කිරීමෙන් මාගේ විනාශ වී ගිය, විචාරක අවලාදයට ලක් වූ හා ජනතාව අතර පල් වූ සාහිත්‍ය වෘත්තීය තවත් සෘණාත්මක හා විනාශකාරි බලපෑමක් ජාතික සාහිත්‍යට හා සමාජයට එල්ල කරයිද ? එමගින් මා මෙන්ම මා ලියන කවියාට ද හානියක් වේද යන බියක් මා තුළ ඇති වේ. එමගින් තම දැක්ම මෙන්ම මානසික ආකෘතියටද, ජීවන දැක්මටද හා සාහිත්‍ය නිර්මාණශිලිත්වයද මාගෙන් දුරස් වේ. මෙම පීඩනය ඉතාම ඉහළ ලෙස මගේ ජීවිතයට බලපා ඇත.

අවට පරිසරයෙන් මිනිසකුගේ ජීවිතයත් ගැන මා බලා උන්නේ ඉතාම නිහඩ මානසික තත්ත්වයකිනි. අද සෙනසුරාදා නිසාත් හෙට සිට එනම් ඉරිදා සිට මා නැවත මගේ වෘත්තියට යා යුතු බවත් මෙම චරිතාපදානයට කළ යුතු බර තැබිම ක්‍රමයෙන් අඩුවන බවත්, මා කාලෙකින් මිතුරන් හා එකව සමාජ හා දේශපාලනය ගැන කථා නොකළ බවත්, තනියම ජනේලය  අසලට වී ඇති අඹ ගස දෙස බලමින් සිගරට් බීම පමණක් කරමින් හුදු මානසික මෙන්ම කායික පරිහාණිය අත්විදිමින් දැන් සති දෙකක් පමණ මෙම සහෘදයාගේ ජීවිතය තුළ මෙන්ම මගේද ව්‍යාකුල ජීවිතය තුළ හෙම්බත් වී සිටීමට දැකීම හා එය අවබෝධ වීම වර්තමාන මාගේ නිසරු හා අසාර්ථක පැවැත්ම තවත් පෝෂණය කළ තත්ත්වයකි.

ක්‍රමයෙන් සෙනසුරාදා දිනය අවසන් වන විට මාගේ නිවසට වී තනියෙන් සිටි මම අම්මා සමග ඇගේ විස්තර විමසුවේ අගාන්තුකයකු ලෙසිනි. ඇය හා සමඟ මා කොළඹට ආසන්න කුළී නිවසකට ගමේ සිට ඇයව රැගෙන ආවේ මාගේ වෘත්තිමය ජිවිතයට පහසුවක් කරගැනීමට හා රැකියවෙන් ලද සාර්ථකත්වය හා එමගින් මාගේ මුල්‍යමය ක්‍රයශක්තිය ඉහළ ගිය හෙයිනි. නමුත් සාහිත්‍යමය වෘත්තියේ අසාර්ථකත්වය හමුවේ බිදවැටුණු ජිවන අභිප්‍රේරණය නොමැතිව මම තවත් චරිතපධානයක් සමග සිරවී සිටියේය. මගේ හිස මත කඳුකරයක බරක් දැනේ. මගේ සාහිත්‍යමය දැකීම බිඳී ගොස්ය. කාළය මෙන්ම ජීවන ගමනද කෘතිය ලිවීමත් සමග හෙළි වී ඇති ජීවිතයේ අවිනිශ්චිත බව හා ක්ෂේත්‍රයේ පවත්නා තරගකාරිත්වය දෙස මෙලෙස දැනැගැනීමට ලැබිම විටෙක බිය මුසු කළකිරීමක් ඇති කරයි.

මනුෂ්‍ය පවෑත්ම ආදී අනවශ්‍ය තත්ත්වයන්ට හිත යොමු වන නිසා මම කවියගේ චරිතාපදානයේ වැඩ අත්හැර කවියා විසින් රචිත පොත් කිහිපයක් ගෙන ඒවාගේ මා විසින් පසුව විමසීමේ අරමුණින් තැබු විශේෂ සලකුණු යෙදු තැන් දෙසට අවධානය යොමු කරමින් සාලයට වී මගේ දෑස් මදක් මාගේ අත් අකුරු, තීන්ත හා කඩදාසි වලින් ඉවත්කොට විශාල පදාසයකට යොමු කළෙමි.

ඔහුගේ කෘති වල පවත්නා දේශපාලන මතවාද විශ්ලේෂණයන් හා සොදුරු වාක්‍ය හා කාව්‍ය ඛණ්ඩ දෙස මම ඔහුගේ ජීවිත කාලය හා බැදී කෘතීන් ඔහුගේ ඒ ඒ කාලපරිච්චේද වලට සම්බන්ද කරමින් මවිසින් රචිත ඔහුගේ චරිතාපධනයට සම්බන්ද කලෙමි.

ක්‍රමයෙන් මා පොත් සියල්ල පසෙකටලා මාගේ ජංගම දුරකථනය බැලුවෙමි. එය එසේමය. කවුරුවත් මා හට කිසිදු ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ඒවා නොතිබිණි.

මෙම චරිතාපදානය ලිවීමත් සමග එහි තොරතුරු හා මතකයන් මගේ මනස ක්‍රමයෙන් ව්‍යාකුල කර ඇත. එය අද දිනට අවේණික තත්ත්වයක්ද යන්න සැකය. තත්ත්වය ඉතාම බරපතළ වී ඇත. මාගේ මානසිකත්වය විශ්ලේශ්නයේදී අද දිනට මෙම තත්ත්වය ඇති බව මට සිතුනි.

මම ඇදට වී විදුළි පංකාව දෙස බලා උන්නෙමි.එය වේගයෙන් කරකුනි. එහි මැවෙන රටා දෙස බලා උන් මම තද නින්දකට වැටුණි.

ඒ වන විටත් මා තුළ කවියාගේ සාහිත්‍යමය විචාර කාණ්ඩයක මතකයන් කිහිපයක් සිත් තුළ රැව් දෙමින් බොදවී ගියේය.

" භාෂාව හා කවිය අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න."

අවට තද නිහැඩියාවක ගිලුණි.



References

Images


14 - Attitude (2017). Format: (Jpg.). Available at: https://3rdworldpa1.blogspot.com/2017/09/14-attitude.html  (Accessed date: 12/17/2017)







Friday, December 8, 2017

Going up the sea level - Trip to Ella, Sri Lanka [ August : 2017 ]



When you travel to up country you literally go up the sea level.



This photographs was taken during the family trip to Ella Town, Sri Lanka. Travelling was done using trains to up country in Sri Lanka.

Ella (Sinhalese: ඇල්ල; Lit. "water fall"; Tamil: எல்ல) is a small town in the Badulla District of Uva Province, Sri Lanka governed by an Urban Council. It is approximately 200 kilometres (120 mi) east of Colombo and is situated at an elevation of 1,041 metres (3,415 ft) above sea level. The area has a rich bio-diversity, dense with numerous varieties of flora and fauna. Ella is surrounded by hills covered with cloud forests and tea plantations. The town has a cooler climate than surrounding lowlands, due to its elevation. The Ella Gap allows views across the southern plains of Sri Lanka. (Wikipedia.com) 

For more images and photographs follow the link given - https://www.facebook.com/pg/dboxarts/photos/?tab=album&album_id=294529564377400

Rawana Ella Falls, 9 Arches Bridge, Dowa Vihara, Little Adam's peak, Demodara train station and Ravana Ella cave was visited during the trip.



Accommodated in Ella Grand Motel, Ella City, Sri Lanka.


Monday, December 4, 2017

මමත්ත්වය [පැදි පෙළකි.]




'තමා' කවුද යන්න කාලයත් සමග විශ්ලේශ්නයේදී සමහර කරුණු නොවෙනස්ව තම ජීවිත කාලය පුරා ඔහු සමග බද්දව පවතී.

මෙම වාක්‍යයන්  එම සාධකය කථා කරයි.

..........................................................................................................................................................

මාගේ මනස 2011 සිට බොහෝ විට සමාජයට Projector එකක් / ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්  ලෙස ක්‍රියාත්මක විය.

එය විටෙක සංවෘත වුත් හා  විවෘත වුත් ලෙස විවිධාකාර ස්වභාවයන් ගත්තේය.

එය මාගේ ජීවිතයට බද්දවුත් මාගේ නමට, චරිතයට හා අනන්‍යතාවයට ආවේණික වූ තත්වයන් මෙන්ම මනෝ භාවාත්මක විය.

මෙම "Projector" / "ප්‍රක්ෂේපන යන්ත්‍රයක් වීමේ" තත්ත්වය මානසිකව සිතින් මවාගත් තවත් මායාවක්ද යන්න සැක සහිතය.

කෙසේ වුවද 2017 වන විට එනම් වසර හයකට පසුව මගේ ළමා කාලය, යෞවන සමය හා තරුණ සමය පෞද්ගලිකව සංසන්දනය කරන විට මම මෙම මතවාදයට (Projector-කරණය/ ප්‍රක්ෂේපන යන්ත්‍රකරණය) විරුද්ධ වීමට කැමැත්තෙමි.

මම මටම අවේණික මානසික භාෂාවක් හා දැක්මක් දුටුවේය. එය කෙතරම් සමාජයට ගැලපෙන ජීවන දෘෂ්ටියක්ද යන්න සැක සහිතය.

තවමත් මාගේ අභ්‍යන්තර තුළ පවත්නා මමත්වය හෙවත් අවෙනිකත්වයක් පවතී. එය අධ්‍යපන ක්‍රමය තුළින් හෝ වෘත්තිමය බාහිර බලපෑම් වලින් වෙනස් නොවිය.

එය විටෙක භාෂාව ලෙසත්, මාගේ නිර්මාණ ලෙසත් හා චරිත ස්වභාවයක් ලෙසත් දෙකිය හැක.

එය කෙතරම් දුරට වැදගත් ද යන්න ගැටලුක)රියි.

නමුත් එහි පැවත්ම හා පාලනය මාගේ අනාගතය තීරණය කරනු ඇත.




References

Images


01 - Mein Kampf (2017). Format: (Jpg.). Available at: https://thesispa2.blogspot.com/2017/09/01-mein-kampf.html (Accessed date: 12/08/2017)





Sunday, December 3, 2017

Meaning of 'Lifer'






My blog title is 'Lifer'.










Meaning of 'Lifer' literally according to Merriam-Webster Online Dictionary is as follows,













Definition of lifer is....





: a person sentenced to imprisonment for life

: a person who makes a career of one of the armed forces

: a person who has made a lifelong commitment (as to a way of life)

Friday, December 1, 2017

දැනුනා [ A review on Iraj Weeraratne's new song]



Iraj Weeraratne was known simply as "IRAJ" is a Sri Lankan rapper and a songwriter. His main genre is hip hop.

Iraj is the first Sri Lankan music artist to have entered into the "Tollywood" (Tamil films) music industry and to perform a song with the western sensation "Sean Kingston".

Iraj's discography is IRAJ (2010), Chapter 02: Aloke (2013), and Manamali (2014). These were produced by M - Entertainment.

(Wikipedia.com)

Iraj in 2017 produced "Danune" which was published on September 25th, in his youtube official page, and on November 5th it has reached over 3 million views and even created a negative impression among the Sri Lankan music fans and artists.

The link for the song is below.

https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw

The song starts stating the title and artists involved as "IRAJ - Danuna ft Sahan & Kaizer Kaiz",

saying the storyline reflected is an imaginary story and not related to real life. The music video shows a love story between an old musician and a young fan. This song shows a depiction of their love against the social norms and traditions flourishing there personal life. Further, it reflects the old musician's grown children showing dislike towards this relationship beginning quickly after their mother's or the artist's wife's death. The song's video shows the old musician participating in a music concert with a large "Pa" / "ප", a Sinhala letter in the Sinhalese alphabet. This has caused much turmoil in the Sri Lankan society and the song and video end the couple leading a normal family life.

The song has been criticized for attacking a famous Sri Lankan artist's personal life with the same situation currently in the local music scene and the industry.

There have been even parodies created by other artists as an answer for the relevant music video showing how far the negativity of the song and the video has impacted the Sri Lankan society and the music industry.

The link for the parody is below.

https://www.youtube.com/watch?v=TaDl8hMP90I

I would not like to analyze the artist or the personal issue Iraj has tried to capitalize as a love song in his video, but I would really like to discuss his decline in the skill and talent of creating, producing songs and music videos.

Iraj weeraratne first collaborated with Ranidu Lankage, a Sri Lankan R&B and hip hop artist who together raised the international profile of Sri Lankan RnB / pop.

They were a parallel competition to Bathiya and Santhush, known simply as BnS who are a Sri Lankan hip hop duo consisting of Bathiya Jayakody and Santhush Weeraman. They have been one of the most commercially successful music artists in Sri Lanka in the last two decades.

Now Iraj's latest songs with his visuals and videos have been able to go into many extreme levels of breaking social norms and taboo's touching many socio-cultural aspects creating many youtube video views and also discourse in the society but to be honest in my opinion as a music fan of Sri Lanka they have declined in quality with respect to audio, video, music, melody and even lyrics.

And this decline of talent and skill has been shown in this new video song as well.

My suggestion is not to waste time in this talentless depiction of imagery.

I hope he will be able to garner the talent he had when he produced IRAJ in 2010 to satisfy his local Sri Lankan and foreign fans with some good musical work.



Resolutions : 2023

  By the end of 2022 like the previous year (2021) I personally established a list of resolutions focusing on goal achievement which will en...