Saturday, December 16, 2017

චරිතාපධානය (පිස්සු) [කෙටි කතාවකි.]



මෙය සිංහල කෙටි කතාවකි.

'Lifer' බ්ලොග් පිටුවේ පලවන කෙටිකතාවල නම් ගම් හා චරිත සියල්ල මනඃකල්පිත වේ. එම කතාවලට සම්බන්ධ ආයතන ද එසේම මනඃකල්පිත වේ.

චරිතාපධානයක් ලිවිම හා සැලසුම් කිරීම ගැන කියවෙන මෙය කතුවරයා ඔහුගේ මානසික අභ්‍යන්තරයේ ගැටළුද විසදගන්නා අකාරයක් දැකිය හැක.

මෙය ඉංග්‍රීසි චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වන "ක්වින්ටින් ටරන්ටිනෝ (Quentin Tarantino)" හා "ගායි රිචි (Guy Ritchie)" ගේ අවස්ථා වර්නන ආකාරයට නිර්මාණය වී ඇති බව කීවට වරදක් නැත.

මෙහි "The Breaking Bad (2008 - 2013)" හි පවත්නා පාරිසරික සිනමාත්මක වර්ණනයන් භාෂා භාවිතයෙන් නිරූපනයක් ලෙසද පෙන්විය හැක.

මෙය මාගේ අධික චිත්‍රපට නරබිමෙන් ලද අභාෂය හා පරිචය මින් පිළිබිබු කිරීමට තැත් කිරීමකි.

මෙහි සිගරට් භාවිතය සදහන් වුවද එය ශාරීරික හා මානසික සෞඛ්‍යයට අහිතකර බව සිහියේ තබා ගත යුතුය.

මෙහි අවස්ථා, චරිත හා සිද්ධීන් සියල්ල මන:කල්පිත වේ.

මම 2011 නොවැම්බර් මස සිට 2012 දෙසැම්බර් දක්වා විජය පුවත්පත් සමාගමේ ක්‍රීඩා අංශය විසින් නිර්මාණය කරන ලද මිරර් ස්පෝර්ට්ස් වෙබ් [Mirror Sports Web (MSW)] වෙබ් අඩවියට අවශ්‍ය සිංහලෙන් ප්‍රකාශිත පුවත් පත් ලිපි ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන කාර්ය භාර්ය ට සහයෝගය දෙන ලදී. මෙය තාවකාලික හා කෙටිකාලින රැකියා අවස්ථාවක් වූ අතර මෙය මා හට ලබා දුන්නේ දමින්ද විජේසුරිය මහතා විසිනි.

(මෙම පුද්ගලයා පිළිබඳව ට්විටර් (Twitter) හරහා මෙම ගිණුමෙන් සොයා ගත හැක - https://twitter.com/daminda_wije. )

වර්තමානයේ මෙම වෙබ් අඩවිය "කෙළිමඬල" (Kelimandala.lk) ලෙස 2013 සිට ක්‍රියාත්මක වේ.

(මෙම වෙබ් අඩවිය මෙහි ඇති ඇමුණුමෙන් සොයා ගත හැක. - http://kelimandala.lankadeepa.lk/ )

මෙම ලද හොඳ අත්දැකීම් මා හට මෙම ලේඛණයට සහයෝගී වූ බව සතුටින් මෙන්ම කෘතගුණ කථනයක් මෙන් ලිය තබමි.
...............................................................................................................................................................

මෙය ලියවෙන විටත් මිනිසකුගේ ජීවිතය දෙස විවෘත මනසින් බැලිමට තවත් මිනිසෙක් යොමු වන්නේ ඇයි දැයි මම සිතුවෙමි.

මම නුතන ප්‍ර කට කවියෙකුගේ චරිතපධානයක් ලියමි.

ඔහුගේ ඉතාම සුන්දර වුද අසුන්දර වුද මතකයන් මම පොතට එක්රැස් කරමි. කාලය හා මනස තුළ පවත්නා ඔහුගේ පරිණත බවත් ග්‍රන්ථාවලියේ ඇති ව්‍යාකුල මෙන්ම සංකීර්ණ බවත් ලියන්නෙමි. මෙය ලියද්දි මම ඔහු සමග දවස් ගණන් කල් මැරුවෙමි. ඔහුගේ කවි පොත් කියෙව්වෙමි. ඔහුගේ නෑදෑයින්, සහෝදරයින් හා අනෙකුත් සම්බන්ධ පාර්ශව සමග කතා කරමින්, සටහන් තබමින් හා විමසමින් කල් මැරුවෙමි.

එක් පුද්ගලයකු පිලිබදව විවිධ මත දැරිම්ටත් විවිධ අයුරින් පුද්ගලයකු විමසීමත් ඉතාම වෙහෙසකර තොරතුරු හා දත්ත දාරාවකි.මෙම ප්‍රවාහය නිසි අයුරින් විමසමින් මම කවියාගේ තොරතුරු විශ්ලේෂණය කළෙමි. ඔහුගේ පෞද්ගලික ජීවිතය, වෘත්තිමය ජීවිතය හා සාහිත්‍යධරයකු ලෙස ජීවිතය මම වෙන්කර තැබුවෙමි. පසුව ඔහුගේ වයස අනුව ළමා කාලය, යොවුන් විය, තරුණ විය, මැදි විය හා මහළු විය ලෙස විවිධ මට්ටම් වලින් බෙදා වෙන්කරන ලදී. මෙසේ බෙදා වෙන්කරන ගත් කවියාගේ ජීවිතයේ තොරතුරු ඒ ඒ ලෙස පුද්ගලයාගේ අදාල කොටස්වලට මම එකතු කරන ලදී. එවිට ඔහුගේ ජීවිතයේ යම්කිසි දියුණුවක්ද, යම්කිසි පරිහානියක්ද, යම්කිසි මානසික එකාග්‍රතාවයක්ද විටෙක බිදවෙටුන කාලයක්ද විටෙක බලාපොරොත්තු නොවූ මානසික ශක්තින්ද දක්නට ලැබේ. එය විවිද කාණ්ඩගත කිරීම් වලින් පසුව විමසද්දි මට එහි පැහැදිලි බවක් පෙනිණි.

මම වෘත්තිමය ජන මාධ්‍ය වෙදියෙක්මි. විවිධ සංකීර්ණ මෙන්ම ව්‍යාකුල වුද කාලයක් මමද ගත කර ඇත. මම  ශ්‍රී ලංකාවේ ජනතාව අතර මධ්‍යම වශයෙන් ප්‍රකට වූ පුවත්පතක තීරු ලිපි කිහිපයක් හා සාහිත්‍ය විචාරයේ යෙදෙන්නේක්මි.

මම දේශපාලනික වශයෙන් විවිධ මත නොදැරුවත් මුලික වශයෙන් ශ්‍රී ලංකාවේ ලිබරල් හා ධනවාදී මතදරණ ශ්‍රී ලංකාවේ ප්‍රකට හා පෑරනිම දේශපාලන පක්ෂයට ප්‍රසිද්ද ලෙස සමාජය ඉදිරියේ ජනමාධ්‍ය වෙධියකු ලෙසත් මාගේ තීරු ලිපි, සාහිත්‍ය විචාර හරහාත් මගේ මතවාධය ජනතාකරණය කර ඇත.

මම ඉතාම පහළ මධ්‍යම පාන්තික පවුලක පෞද්ගලික අංශයේ ලිපිකරුවකුගේ පුතකු ලෙස ඉපිද පසුව මාගේ උත්සාහයෙන් නිදහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙළා ගත්තෙක්මි. මම ඉතාම තරුණ වයසේදී මෙම පුවත්පත් රැකියාව සොයා ගත්තෙමි. මම දැනටමත් විවිධ කාව්‍ය හා ගද්‍යය කිහිපයක් පළකර සාර්ථකත්වයක් ලැබුවෙක්මි. විවිධ විචාරකයන් ඒවා සංකීර්ණ මෙන්ම ඉහළ ලෙස විවේචනයට ලක් කර ඇත්තේ එහි පවත්නා අසම්මත මෙන්ම කාලින වශයෙන් පවත්නා භාශා භාවිතයේ "දෘඩ භාවය" ලෙස හං වඩු ගසමින්ය. මම දකින්නේ මෙය නව්‍යතාවයක් ලෙසය. ඔවුන් දකින්නේ මෙය ප්‍රසිද්ධිය හා විකිණුම් පරමාර්ථයෙන් තැනු නව්‍යතාවයක් ලෙසය. මෙම කෘතීන් ඉතාම දුෂ්කර විකිණුම් හරහා එහි ලාභය ලගාකරගත් නිසා මම නැවත මගේ ජනමාධ්‍යකරණයට යොමු විය.

පසුව මාගේ ප්‍රථම චරිතාපධානයට ආරාධනයක් හිමි වූ නිසා නැවත සාහිත්‍යකරණයට යොමු විය. මෙම කවියා ශ්‍රී ලාංකීය සාහිත්‍යයට අමිල මෙහෙයක් ඉෂ්ට කළ කෙනෙක් නොවේ. ඔහුගේ දේශපාලනික භූමිකාව ඉතාමත් බලවත්ය. ඔහු ඉතාම සංකීර්ණ මෙන්ම ගැබුරු ලිබරල් හා ධනවාදී මතධාරී කවියෙකි. එමනිසදෝ මා කුඩා කල සිට ඔහුගේ මතයන්ට හා කවි කෘතීන්ට ආශා කලෙමි. එම කෘතීන් සිංහල සාහිත්‍යයේ ඉතාම ඉහළ ලෙස විවේචනයට ලක්විය. ඔහුගේ ඉංග්‍රීසි කෘතින්ද එලෙසය. එයට හේතුව ඔහු ලිංගිකත්වය, ධනය, අපරාධකරුවන්, මානසික රෝගීන්, මරණය හා අධ්‍යාත්මික පරිහාණිය වැනි සංකීර්ණ මතවාදයන් තම කාව්‍ය කෘතීන් හරහා කිසිදු බියකින් තොරව ජනතාකරණය කළ බැවිනි.   එම තත්ත්වයන් ජනතාවට එදා මෙන්ම අදද ජීර්ණය කරගත නොහැකි විය. විචාරකයන්ට ද එසේය. ඒ මගේ මතයයි. නමුත් ඔහුට ප්‍රිය කල රසික ප්‍රජාවක්ද සිටියේය. පසුව ඔහුගේ නිර්මාණකරණය නැවත ජනතාකරණය කිරීමට ඔහුගේ පවුලේ අයත් රසිකයනුත් නැවත යොමු විය. ඔහුගේ කලා කෘති හා එහි මතවාදයද ඔහුගේ ජීවන චරිතයද ජනතාකරණය කිරීමට කෙටි චරිතාපදානයක් ලිවීමත් එයට වඩාත් සුදුසු මම බවත් ඔවුන් සිතුවේ මාගේ සාහිත්‍ය විචාරය හා ජනමාධ්‍ය තුළ ඔහුට ලබාදුන් ප්‍රමුඛත්වයත් මෙන්ම කුඩා කළ සිට ඔහු සමග මා තුළ පැවැති සබැදියාව වීමයි. මම ඔහුගේ කෘති වල පැවති අව්‍යාජ බව විශ්ලේෂණය කරමින් කුඩා කළ සිට ඔහුට ලිපි ලිව්වේය. පසුව තරුණ වියේදී ඔහුගේ සාහිත්‍ය සමුළු හා පෞද්ගලිකව ඔහු හමුවී ඔහුගේ සාහිත්‍ය හා මතවාදය මට කථා කරමින් සුහද සතුටු සාමිචියේ ඔහු සමග මම යෙදී සිටියෙමි.

කතුවරයා හා මම දැන් එක් පුද්ගලයකු බඳුය. මාගේ සංකීර්ණ මෙන්ම සරල මානසික සිතුවිලි මෙම කෘතිය ලිවීමත් සමග කතුවරයා හා ඒකාබද්ධ වී ඇත. මාගේ වෘත්තිමය ජීවිතය තරමක් ප්‍රමාදයෙන් හා අසාර්ථකත්වයන් පිරි ඇත. මෙම කෘතිය කෙටි වුවද එහි වචන, පිටු හා අකුරු තුළ ලේ, මස් හා නහරින් හැදුණු පුද්ගලයකුගේ සිතිවිලි, ක්‍රියාකාරකම් හා ජීවිතය ඇතුළත් වී ඇති බව පෙනේ. ඔහු එක් ජනකොට්ටාශයකගේ පැසසුමටත් තවත් අයගේ විවේචනයටත් ලක්විය. කෙසේ හෝ ජනතාව අතර ඔහු යම්කිසි සංකීර්ණ මෙන්ම සොදුරු අයුරින් නව නිර්මාණයක් බිහිකර ඒ අතර සිටීමට සමත් විය. ඔහු ජනමතයට එකතු වූ බවක් පෙනේ. එමනිසා ඔහුගේ මෙම කාර්යබාර්ය තුළ මා හට ඉතාම ඉහළ වගකීමක් ඇති බව දැකගත හැක.

මෙම වගකීම නිසාදෝ මා තුළ ඉහළ වශයෙන් මනසේ සැරිසරණ බියක් හා සංකීර්ණ හදවත ගැහෙන ස්වභාවයක් මා තුළ ඇත්තේය. සැමවිටම විටෙක මාගේ ජිවිතයේ පවත්නා අස්ථාවර ස්වභාවයන් හදුනාගැනීමට පවා මට අමතක වේ.

රැකියාවට යෑම හා රැකියාව අවසන් වී පෑමිනෙද්දී පරිසරයෙන් ඇති වෙනස්වීම් වලට මම ඉතාම මද අයුරින් ප්‍රතිචාර දක්වමි. අවකාශය හා පරිසරය අතර මා හා බැදිම් බිදවැටි ඇත. මාගේ තීරු ලිපි වල පල වූ සිනමා නළුවන්, නිලියන් හා අධ්‍යක්ෂකවරුන් අතර පැවැති සම්මුඛ සාකච්ඡා වල ප්‍රමිතිය බිද වැටි ඇත. පරණ කියවූ පොත් දෙස නව විවරණයක් දෙමින් මම නව මං නොසොයා සාහිත්‍ය විචාරයට අඩු තැනක් දී ඇත. මගේ ජීවිතය ඉතාම ගැබුරු මර නින්දක ඇති නපුරු සිහිනයක් වැනිය.

තම ජීවන ආකෘතිය හා වෘත්තිමය දෘෂ්ටිවාදයට බලපෑ මෙම පුද්ගලයාගේ ජීවන චරිතය ලේඛණගත කිරීමෙන් මාගේ විනාශ වී ගිය, විචාරක අවලාදයට ලක් වූ හා ජනතාව අතර පල් වූ සාහිත්‍ය වෘත්තීය තවත් සෘණාත්මක හා විනාශකාරි බලපෑමක් ජාතික සාහිත්‍යට හා සමාජයට එල්ල කරයිද ? එමගින් මා මෙන්ම මා ලියන කවියාට ද හානියක් වේද යන බියක් මා තුළ ඇති වේ. එමගින් තම දැක්ම මෙන්ම මානසික ආකෘතියටද, ජීවන දැක්මටද හා සාහිත්‍ය නිර්මාණශිලිත්වයද මාගෙන් දුරස් වේ. මෙම පීඩනය ඉතාම ඉහළ ලෙස මගේ ජීවිතයට බලපා ඇත.

අවට පරිසරයෙන් මිනිසකුගේ ජීවිතයත් ගැන මා බලා උන්නේ ඉතාම නිහඩ මානසික තත්ත්වයකිනි. අද සෙනසුරාදා නිසාත් හෙට සිට එනම් ඉරිදා සිට මා නැවත මගේ වෘත්තියට යා යුතු බවත් මෙම චරිතාපදානයට කළ යුතු බර තැබිම ක්‍රමයෙන් අඩුවන බවත්, මා කාලෙකින් මිතුරන් හා එකව සමාජ හා දේශපාලනය ගැන කථා නොකළ බවත්, තනියම ජනේලය  අසලට වී ඇති අඹ ගස දෙස බලමින් සිගරට් බීම පමණක් කරමින් හුදු මානසික මෙන්ම කායික පරිහාණිය අත්විදිමින් දැන් සති දෙකක් පමණ මෙම සහෘදයාගේ ජීවිතය තුළ මෙන්ම මගේද ව්‍යාකුල ජීවිතය තුළ හෙම්බත් වී සිටීමට දැකීම හා එය අවබෝධ වීම වර්තමාන මාගේ නිසරු හා අසාර්ථක පැවැත්ම තවත් පෝෂණය කළ තත්ත්වයකි.

ක්‍රමයෙන් සෙනසුරාදා දිනය අවසන් වන විට මාගේ නිවසට වී තනියෙන් සිටි මම අම්මා සමග ඇගේ විස්තර විමසුවේ අගාන්තුකයකු ලෙසිනි. ඇය හා සමඟ මා කොළඹට ආසන්න කුළී නිවසකට ගමේ සිට ඇයව රැගෙන ආවේ මාගේ වෘත්තිමය ජිවිතයට පහසුවක් කරගැනීමට හා රැකියවෙන් ලද සාර්ථකත්වය හා එමගින් මාගේ මුල්‍යමය ක්‍රයශක්තිය ඉහළ ගිය හෙයිනි. නමුත් සාහිත්‍යමය වෘත්තියේ අසාර්ථකත්වය හමුවේ බිදවැටුණු ජිවන අභිප්‍රේරණය නොමැතිව මම තවත් චරිතපධානයක් සමග සිරවී සිටියේය. මගේ හිස මත කඳුකරයක බරක් දැනේ. මගේ සාහිත්‍යමය දැකීම බිඳී ගොස්ය. කාළය මෙන්ම ජීවන ගමනද කෘතිය ලිවීමත් සමග හෙළි වී ඇති ජීවිතයේ අවිනිශ්චිත බව හා ක්ෂේත්‍රයේ පවත්නා තරගකාරිත්වය දෙස මෙලෙස දැනැගැනීමට ලැබිම විටෙක බිය මුසු කළකිරීමක් ඇති කරයි.

මනුෂ්‍ය පවෑත්ම ආදී අනවශ්‍ය තත්ත්වයන්ට හිත යොමු වන නිසා මම කවියගේ චරිතාපදානයේ වැඩ අත්හැර කවියා විසින් රචිත පොත් කිහිපයක් ගෙන ඒවාගේ මා විසින් පසුව විමසීමේ අරමුණින් තැබු විශේෂ සලකුණු යෙදු තැන් දෙසට අවධානය යොමු කරමින් සාලයට වී මගේ දෑස් මදක් මාගේ අත් අකුරු, තීන්ත හා කඩදාසි වලින් ඉවත්කොට විශාල පදාසයකට යොමු කළෙමි.

ඔහුගේ කෘති වල පවත්නා දේශපාලන මතවාද විශ්ලේෂණයන් හා සොදුරු වාක්‍ය හා කාව්‍ය ඛණ්ඩ දෙස මම ඔහුගේ ජීවිත කාලය හා බැදී කෘතීන් ඔහුගේ ඒ ඒ කාලපරිච්චේද වලට සම්බන්ද කරමින් මවිසින් රචිත ඔහුගේ චරිතාපධනයට සම්බන්ද කලෙමි.

ක්‍රමයෙන් මා පොත් සියල්ල පසෙකටලා මාගේ ජංගම දුරකථනය බැලුවෙමි. එය එසේමය. කවුරුවත් මා හට කිසිදු ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ඒවා නොතිබිණි.

මෙම චරිතාපදානය ලිවීමත් සමග එහි තොරතුරු හා මතකයන් මගේ මනස ක්‍රමයෙන් ව්‍යාකුල කර ඇත. එය අද දිනට අවේණික තත්ත්වයක්ද යන්න සැකය. තත්ත්වය ඉතාම බරපතළ වී ඇත. මාගේ මානසිකත්වය විශ්ලේශ්නයේදී අද දිනට මෙම තත්ත්වය ඇති බව මට සිතුනි.

මම ඇදට වී විදුළි පංකාව දෙස බලා උන්නෙමි.එය වේගයෙන් කරකුනි. එහි මැවෙන රටා දෙස බලා උන් මම තද නින්දකට වැටුණි.

ඒ වන විටත් මා තුළ කවියාගේ සාහිත්‍යමය විචාර කාණ්ඩයක මතකයන් කිහිපයක් සිත් තුළ රැව් දෙමින් බොදවී ගියේය.

" භාෂාව හා කවිය අනතුරු සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න."

අවට තද නිහැඩියාවක ගිලුණි.



References

Images


14 - Attitude (2017). Format: (Jpg.). Available at: https://3rdworldpa1.blogspot.com/2017/09/14-attitude.html  (Accessed date: 12/17/2017)







No comments:

Post a Comment

Resolutions : 2023

  By the end of 2022 like the previous year (2021) I personally established a list of resolutions focusing on goal achievement which will en...