Sunday, December 24, 2017

"දැනුනා" [ඉරාජ් වීරරත්න ගේ නව සංගීතමය නිර්මාණය දෙස කෙරෙන විචාරාත්මක විමසුම]



ඉරාජ් වීරරත්න හෝ "ඉරාජ්" යනු ශ්‍රී ලංකා "රැප්" හා "හිප් හොප්" සංගීතඥයකු වන අතර ගීත රචකයකු ලෙස ද අදාළ ක්ෂේත්‍රයේ ප්‍රකට පුද්ගලයෙකි.

ඉරාජ් යනු දමිළ සිනමාව හෙවත් ටොළිවුඩ් හි සංගීතයට තම හැකියාවන් ගෙන් දායක වූ ප්‍රථම ශ්‍රී ලාංකික පුද්ගලයා වන අතර ප්‍රකට බටහිර "හිප් හොප්" සංගීතඥයකු වන ෂෝන් කිංග්ස්ටන් සමගද තම දක්ෂතා පෙන්වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වේ. (Wikipedia.com)

මෙම ලිපියෙහි අරමුණ ඉරාජ් ගේ සංගීත වෘත්තියේ ලද සාර්ථකත්වයන් පිළිබඳව සටහන් කිරීම නොවේ.

ඉරාජ් විසින් 2017 වසරේ "දැනුණා" ලෙස ගීතයක් නිෂ්පාදනය කර, එය සංගීතයෙන් හා වීඩියෝ දර්ශණ පෙළක් ලෙස නිර්මාණය කර ඔහුගේ ප්‍රකට "Youtube" නාලිකාව හරහා සැප්තැම්බර් 25 වන දින ප්‍රචාරය කර නොවැම්බර් 3 වෙනිදා වන විට මිලියන 3ක් ඉක්මවූ අන්තර්ජාල දර්ශණ සංක්‍යාවක්ද, ශ්‍රී ලාංකීය ස0ගීත රසිකයන් හා සංගීත නිර්මාණකරුවන් අතර සෘණාත්මක ප්‍රතිචාරයක්ද පවත්වා ගැනීමට සමත් විය.

ගීතය හා එයට අදාළ දර්ශණ පෙළ ආරම්භ වන්නේ එහි නිරූපිත සියලුම දර්ශණ හා සිදුවීම් මන:කල්පිත බව පවසමින්ය.

මෙම ගීතයේ නාමය "IRAJ - DANUNA ft. SAHAN and KAIZER KAIZ"

අදාළ ගීතය පහත ඇමුණුම හරහා බැලිය හැක.

https://www.youtube.com/watch?v=Sw0Vxpj5PAw

මෙම ගීතයේ හා වීඩියෝවේ නිරූපිත සරල සිද්ධිය නම් ඉතාම වැඩිහිටි සංගීත ගායකයකු හා තරුණ රසිකාවියක අතර පවත්නා ප්‍රේම සම්බන්ධයත්, පසුව ඇතිවන පවුල් ජීවිතයත් එයට සමාජයෙන් එල්ලවන සෘණාත්මක හා විරෝධාත්මක බලපෑමත්ය.
ගීතයේ හා වීඩියෝවේ අවසානයේදී එම සියලුම අභියෝග මැද ඔවුන්ගේ ආදාර ජීවිතයේ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.

මෙම ගීතය හා වීඩියෝව ඉතාම ඉහළ ලෙස ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයන් තුළ සෘණාත්මක ලෙස ප්‍රකට වුයේ මෙමගින් ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රය තුළ සිටි එදා මෙදා තුර සංගීත රසික හදවත් පෝෂණය කළ දක්ෂ කළාකරුවෙක්ගේ පෞද්ගලික ජීවිතයට හානිවන ලෙස ගීතය හා එහි තේමාව සකස් වී තිබීමයි.

මෙම ගීතය කෙතරම් සෘණාත්මක ලෙස ජනතාව හා සංගීත ක්ෂේත්‍රය අතර ප්‍රකට වුයේද යත් මෙම සංගීත විඩියෝව අවඥායාවට ලක් කරමින් තවතවත් සංගීතමය වීඩියෝ පට බිහිවීම ඇරඹුණි.

අදාළ ගීතය පහත ඇමුණුම හරහා බැලිය හැක.

https://www.youtube.com/watch?v=TaDl8hMP90I

මම මෙම ගීතයේ තේමාවට වඩා එහි පවත්නා ගුණාත්මක ලක්ෂණ දෙස විමසීමට කැමැත්තෙමි. මන්දයත් ඒවායේ පෙන්නුම් කරන්නේ ඉතා දක්ෂ සංගීත නිර්මාණකරුවකුගේ දක්ෂතාවයේ බිද වැටිමකි.

ඉරාජ් වීරරත්න සංගීත ක්ෂේත්‍රයට මුලින්ම පිවිසියේ "රනිදු ලන්කගේ" නම් ශ්‍රී ලාංකික හිප් හොප් හා R & B ගායකයා සමග වන අතර දෙදෙනාගේ සාමුහිකත්වයෙන් බිහිවූ බොහෝ නිර්මාණ ශ්‍රී ලාංකීය හිප් හොප් සංගීතය අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට ගුණාත්මක මෙන්ම ඉහළ තරගකාරිත්වයකින් යුතුව බිහිවී තිබුණි.

 මොහුගේ සංගීතය ශ්‍රී ලංකාවේ සිටි "භාතිය හා සන්තුෂ්" (B n S) හෝ භාතිය ජයකොඩි හා සන්තුෂ් වීරමන් යන හිප් හොප් සංගීත යුගලයට තරගයක් දීමට තරම් ඉහළ ගුණාත්මක මට්ටමකින් පැවතිනි. භාතිය හා සන්තුෂ් පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ ඉහළ ආදායම් වාර්තා තැබූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

ඉරාජ් වීරරත්න 2010ද ඔහුගේ ප්‍රථම සංගීත එකතුව වන IRAJ (2010), Chapter 02 : ALOKE (2013) හා Manamali (2014) පසුව ඉතා ඉහළ ලෙස තම ගුණාත්මක තරගකාරී සංගීත නිර්මාණකරණයේ යෙදුනද, පසුව 2014 සිට 2017 දක්වා ඉතා ඉහළ ලෙස තම හැකියාවන්ගේ ගුණාත්මක බව පහළ බැස්මක් නිරුපණය කර ඇත.

මෙයට මුලික හේතුව ඔහු විසින් ඉතාම සමාජීය හා සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාවේ සමාජයේ තුළ සංවේදී ලෙස සැලකෙන තේමාවත් තම සංගීතමය වීඩියෝව හරහා නිරුපණය කිරීම මගින් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ලබා ගැනීමට තැත්කිරීමත් එය ප්‍රත්‍යක්ෂ ලෙස පෙනිමත්ය. නමුත් සමගාමිව සංගීතය, පද මාලාව, වීඩියෝ පටයන්  හි හා තාල මෙන්ම රිද්ම වලද ගුණාත්මක බව බිදවෙටීම නිසා දක්ෂ දේශීය හිප් හොප් සංගීත නිර්මාණකරුවකුගේ පිරිහීමක් දක්නට ලැබේ.

ඉරාජ් ගේ "දැනුණේ" ද එවැනි ගණයෙහි ලා සැලකිය හැකි නිර්මාණයකි.

එමනිසා දේශීය හිප් හොප් රසිකයන්ට පැවසීමට ඇත්තේ මෙවන් සංගීතමය නිර්මාණ වෙත කාලය නාස්ති නොකොරණ ලෙසයි.

ඉරාජ් ඔහුගේ 2010 සිට 2014 දක්වා කාළය තුළ පෙන්වූ සංගීතමය කුසලතාවය ඉදිරියටත් මෙවැනි අසාර්තකත්වයක් මග හැර ශ්‍රී ලාංකීය හිප් හොප් රසිකයන් පිනවයි යන බලාපොරොත්තුවෙන් මෙම ලිපිය අවසන් කරමි.

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...