Monday, May 18, 2020

Loku Duwa (The eldest daughter) (1994) - A reflection of the Sri Lankan society



Loku Duwa (The eldest daughter) (1994) is a film directed by Sumithra Pieris based on the novel of the same name by famous romance novelist Edward Mallawarachchi.

With a  very talented and famous team of filmmakers, this film manages to produce great cinematography, highlight social weaknesses, and disparities through the film.

But this film does not manage to take the viewers to new paradigms.

Overall - 3.5/5

References

Loku Duwa (1994) [image] Available at: https://www.imdb.com/title/tt0110376/mediaviewer/rm3926350336 [Accessed 18 May 2020]



ලොකු දුව (The eldest daughter) (1994) - ශ්‍රී ලංකා සමාජයේ ප්‍රතිබිම්බයක්


ලොකු දුව (1994) සිනමා කෘතිය සුමිත්‍රා පීරිස්ගේ නිර්මාණයක් වන අතර ප්‍රකට ආදර නවකතාකරුවකු වන එඩ්වඩ් මල්ලවාරච්චිගේ එම නමින්ම නිර්මාණය වූ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම අතිදක්ෂ සිනමාකරුවන් කණ්ඩායමක් හරහා නිර්මාණය වී ඇති මෙම සිනමා කෘතිය තේමාව අතින් නව මානයන් කරා රසිකයා රැගෙන නොගියද කැමරාකරණය අතින්, සමාජ දුබලතා හා විෂමතා පෙන්වීම අතින් සාර්ථක සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැක.

ශ්‍රේණිගත කිරීම් - 3.5/5

ආශ්‍රිත මුලාශ්‍ර

Loku Duwa (1994) [image] Available at: https://www.imdb.com/title/tt0110376/mediaviewer/rm3926350336 [Accessed 18 May 2020]

U Turn (2019) - A missed cinematic opportunity



U Turn (2019) is a mystery film that is the directorial debut of acclaimed cinematographer Channa Deshapriya.

Though the film succeeds in creating some suspense and mystery in the film overly dramatization creates a deviation in the plot.

But attempting to create new themes in films is commendable.


Overall rating - 2.5/5


References

U Turn (2019) [image] Available at: https://www.imdb.com/title/tt10882188/mediaviewer/rm1999276289 [Accessed 18 May 2020]

යු ටර්න් (U Turn) (2019) - නැතිවුණු අවස්ථාවක් .....



යූ ටර්න් (2019) සිනමා කෘතිය අද්භූත කථාවක් තේමාව කරගෙන නිර්මාණය වූ සිනමා කෘතියක් වන අතර චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කරන පළමු සිනමා කෘතිය වේ.

කතාව තරමක් දුරට කුතුහලය නරඹන්නා තුළට ඇතුළත් කිරීමට සමත් වුවද අධික නාට්‍යකරණය කිරීම නිසා තේමාව මඟ හැරී ඇති බව පැවසිය යුතුයි.

නමුත් කතා තේමාව හරහා නව මානයක් සොයා යාමට තැත් කිරීම අගය කල යුතුයි.

ශ්‍රේණිගත කිරීම - 2.5/5

ආශ්‍රිත මුලාශ්‍ර

U Turn (2020) [image] Available at: https://www.imdb.com/title/tt10882188/mediaviewer/rm1999276289 [Accessed 18 May 2020]


Sunday, May 17, 2020

Tsunami (2020) : The victims of the tsunami waves



Tsunami (2020) film reflects on the victims of the 2004 tsunami disaster that impacted Sri Lanka in an artistic and cinematic manner.

The filmmaker using this film as a tool to communicate the message, that in front of nature everyone is equal and racism has no place, is successful.

Somarathna Dissanayake's newest film has also been able to capture his previous style of children's films and is also a successful one at that.


Overall rating - 3/5


References

Tsunami (2020) [image] Available at: https://www.imdb.com/title/tt9471782/mediaviewer/rm3210183937 [Accessed 18 May 2020]


සුනාමි / Tsunami (2020) : සුනාමි රළ කඳට බිලීවූ මිනිස් කැළ....



සුනාමි (2020) සිනමා කෘතිය හරහා 2004 වර්ෂයේ ආසියානු කළාපයට බලපෑ සුනාමි ස්වභාවික ව්‍යසනය හරහා ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම නිසා අවතැන් වූ හා ජීවිත හානියට ලක්වූ මිනිසුන්ගේ මානසික හා කායික වේදනාවන් කලාත්මක හා සිනමාත්මක අයුරින් නිරුපණය වේ.

ජාතිවාදය ස්වභාවධර්මයට අදාළ නොවන ආකාරය ඉතා සියුම් ලෙස තේමාවට ඇතුළත් කරගන්නා සිනමාකරුවා තම පණිවිඩය ජනගත කිරීමට දැරූ උත්සාහය සාර්ථක වී ඇත.

සෝමරත්න දිසානායක ගේ නවතම සිනමා සිත්තමක් වන මෙම කෘතිය ඔහුගේ පෙර පැවති ළමා කථා සම්ප්‍රදායම යොදාගනිමින් මෙම නිර්මාණයද සිදුකර ඇත.

ශ්‍රේණිගත කිරීම - 3/5



ආශ්‍රිත මුලාශ්‍ර

Tsunami (2020) [image] Available at: https://www.imdb.com/title/tt9471782/mediaviewer/rm3210183937 [Accessed 18 May 2020]

Monday, May 11, 2020

Ekamath Eka Rataka (Once upon a time) (2009) : Once upon a time there was a love story.......



This film is written and directed by famous Sri Lankan actor Sanath Gunathilaka and music is composed by famous musician Premasiri Kemadasa.

This film cinematographed in Nuwara Eliya is a feast for the eyes. The storyline and plot are fresh. A film that is made with a fusion between reality and fantasy, this mysterious and weird love story has deep undertones of a good film.

Roshan Ravindra, Nirosha Perera, and Sanath Gunathilaka give natural acting performances to create a good film.

A film that has love and sexuality as the theme, has been able to explore the dark and the bright sides of how the human mind works through cinematic techniques.3

Overall - 3.5/5

References

Ekamath eka rataka (2020) [image] Available at: https://www.imdb.com/title/tt8006182/mediaviewer/rm2302693120 [Accessed 11 May 2020]

එකමත් එක රටක (Once upon a time) (2009) : එකමත් එක රටක ආදරයක්.......



සනත් ගුණතිලක නම් ප්‍රකට ශ්‍රී ලාංකීය රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් ආලෝකවත් වන මෙම සිනමා කෘතිය සංගීතවත් වන්නේ සුප්‍රකට සංගීතඥයකු වන ප්‍රේමසිරි කේමදාස අතිනි.

නුවර එළිය ප්‍රදේශයේ රූගත කර ඇති මෙම සිනමා නිර්මාණයේ දර්ශණයන් ඇස් වලට ප්‍රියය. තේමාව නැවුම්ය. ෆැන්ටසියත් (අරුමසියත්) යථාර්තයත් අතර දෝලනය වන මෙම ගුප්ත සහ අමුතු ආදර කථාව ගැඹුරු තේමාවක් ඇති සිනමා නිර්මාණයක ලක්ෂණ පෙන්නුම් කරයි.

රංගනයෙන් දායකත්වය ලබාදෙන රොෂාන් රවින්ද්‍ර, නිරෝෂා පෙරේරා සහ සනත් ගුණතිලක ස්වභාවික මෙන්ම හොඳ නිර්මාණයකට අවශ්‍ය කාර්ය භාර්ය ඉෂ්ට කරයි.

ආදරය සහ ලිංගිකත්වය යන තේමාවන් මුලික කරගත් මෙම නිර්මාණය මිනිසාගේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්වයේ අඳුරු මෙන්ම දීප්තිමත් පැති නිරීක්ෂණය කරන සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.

ආශ්‍රිත මුලාශ්‍ර

Ekamath eka rataka (2020) [image] Available at: https://www.imdb.com/title/tt8006182/mediaviewer/rm2302693120 [Accessed 12 May 2020]

ඇවිළෙනසුළුයි (2020) : අධියතාර්තවාදී හා ත්‍රාසජනක ශ්‍රී ලාංකීය සිනමා කෘතියක්



"ඇවිළෙනසුළුයි (2020)" සිනමා කෘතිය මා නැරඹුවේ 2020 මාර්තු 13 වෙනිදා වන අතර ශ්‍රී ලංකාව දිවයින පුරා ඇඳිරි නීතිය කොරෝනා / කොවිඩ් -19 වෛරසය පැතිරීම නිසා පැනවුයේ ඉන් දවස් කිහිපයකට පසුය.

ශ්‍රී ලාංකීය සිනමාවට නව ශානාරීයක් මෙමඟින් නිරුපණය වුවද මෙය ඉතාමත් හොඳින් ගලායාමක් ඇති සිනමා කෘතියක් නොවේ.

සිනමා කෘතියට අධික ලෙස නාට්‍යමය ස්වරුපයක් ලඟා කිරීමට යෑමෙන් චිත්‍රපටය රසවිඳීමට නරඹන්නාට තරමක් දුරට බාධාවක් එල්ලකරද මෙය ඉතාමත් හොඳින් තාක්ෂණික වශයෙන් නිර්මාණය වූ සිනමා කෘතියකි.

සිනමා කෘතිය හරහා ආගම සහ ශ්‍රී ලංකාවේ විශ්වාස පද්ධතිය දැඩි ලෙස විවේචනයට බඳුන් කර ඇත.

අධියථාර්තවාදී සිනමා සම්ප්‍රදාය සහ ත්‍රාසජනක සිනමා සම්ප්‍රදායේ මිශ්‍රණයක් වන මෙම සිනමා කෘතිය ශ්‍රී ලංකීය සිනමාවේ නව මානයක් නිරුපණය කරන බව පැවසිය හැක.

ඩේවිඩ් ලින්ච් හා ක්වින්ටන් ටරන්ටිනෝ ගේ සිනමා සම්ප්‍රදායන් මෙන්ම 1960 වර්ශයේදී බිහිවූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ "සයිකෝ" සිනමා කෘතියේ ලක්ෂණ පෙන්වීම හරහා මෙම සිනමා කෘතිය ශ්‍රී ලාංකීය සිනමාවේ නව සංදිස්ථානයක් පෙන්නුම් කරයි.

මෙම සන්දිස්ථානය හරහා "ඇවිළෙනසුළුයි (2020)" සිනමා කෘතිය ශනරිය වශයෙන් ශ්‍රී ලාංකීය සිනමාවේ ළඟා කරගන්නා විශාල සාර්ථකත්වයකි.

ආශ්‍රිත මුලාශ්‍ර

Avilenasului (2020) [image] Available at: https://www.imdb.com/title/tt9442040/mediaviewer/rm919761920 [Accessed 11 May 2020]

Avilenasului (Inflammable) (2020) : A Sri Lankan surrealist thriller film



I watched Avilenasului (Inflammable) on 13th March 2020 just before the Corona / Covid-19 pandemic outbreak hit Sri Lanka and lead to a whole countrywide curfew.

The film though unveils a new genre for Sri Lankan cinema is not a well-driven film.

The film was really good technically but it was overly dramatized creating a drawback to the viewers to enjoy the film.

The film openly criticizes religion and the belief system of the Sri Lankans through this film.

The filmmaker has used a mixture of surrealism and thriller genre very productively which is a good sign for the Sri Lankan cinema.

Films like Alfred Hitchcock's Psycho (1960), Styles of David Lynch, and Quentin Tarantino are evident in "Avilenasului" which marks a milestone in Sri Lankan cinema.

With this milestone, "Avilenasului" marks a great achievement in Sri Lankan cinema genre-wise.

Overall rating - 3.5/5

References



Sunday, May 3, 2020

Samige Kathawa / Sam's Story (2011) - The social and personal effects of the Sri Lanka's 30 year old war



Samige Kathawa / Sam's Story (2011) was based on Captain Elmo Jayawardane's novel of the same name, Sam's Story (2001).

Sirirathna or Sam is a child and a man who struggles with poverty, disabilities he bought from birth, and threats from the external environment. Life gets worse with the civil war in Sri Lanka. All these struggles and pressures are depicted artistically by the filmmaker to the viewers.

How the Sri Lankan civil war impacted the high and lower social tiers of Sri Lanka, how racism functions in Sri Lanka, the differences in ideologies of rich and poor are depicted in the film in a beautiful manner.

This film is an accurate and realistic reflection of the Sri Lankan society by using very tactical cinematography and beautiful musical compositions.

The main role of Sam played by Jagath Chamila and a sub role is played by Sanath Gunathilaka is an unforgettable acting performance.

Though I have not read the novel published in 2001, the film was filled with humanity and brings tears to the viewer's eyes.

References



සැමිගේ කථාව / Sam's Story (2011) - ශ්‍රී ලංකාවේ වසර තිහක සිවිල් යුද්ධයේ බලපෑම



සැමිගේ කථාව (2011) සිනමා කෘතිය කපිතාන් එල්මෝ ජයවර්ධනගේ Sam's Story (2001) නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ සිනමා කෘතියකි.

සිරිරත්න හෙවත් සැම් නම් දරුවා සහ තරුණයාගේ දැඩි දරිද්‍රතාවයෙන් පීඩිත, ඔහුගේ උපතින් ලද මානසික මෙන්ම කායික දුර්වලතා හා බාහිර පරිසරයෙන් එල්ල වූ පීඩනයන් මැද ගෙවීයන ජීවිතයට ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක සිවිල් යුද්ධය නිසාද එල්ලවන පීඩනයන්ට ද මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටය හරහා කලාත්මක අයුරින් සිනමා රසිකයාට ලඟාකරදීමට සමත් වී ඇත.

ධනවත් මෙන්ම දුක්පත් අයටද එකසේ තිස් වසරක සිවිල් යුද්ධය බලපෑ ආකාරය නිරූපිත මෙම චිත්‍රපටය මඟින් ජාතිවාදයේ ක්‍රියාකාරිත්වය, දුක්පත් පෝසත් මිනිසුන් අතර පවත්නා දෘෂ්ටිමය වෙනස්කම් හා සමාජ විශමතා ඉතාම හොඳින් නිරුපණය වේ.

සුන්දර කැමරාකරණයක් මෙන්ම සොඳුරු සංගීත කාණ්ඩ හරහා අලංකාරවත්ව නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය නිර්මාණත්මකව මෙන්ම යතාර්තවාදීව නිරුපණය කිරීමක් ලෙස හැඳින්විය හැක.

ප්‍රධාන චරිතය නිරුපණය කරන සැමි ට රංගනයෙන් දායකත්වය දෙන ජගත් චමිල සහ උප චරිතයකට පන පොවන සනත් ගුණතිලක අමතක නොවන රංගන දායකත්වයක් සිනමා කෘතියට ලබා දෙයි.

මා 2001 දී පළවූ නවකතාව කියවා නොමැති වුවත් කිසිඳු බාධාවකින් තොරව රසවිඳිය හැකි වූ මෙම සිනමා සිත්තම මානව වාදී තේමාවකින් ගලායන අතර ඇසට කඳුලක් ගෙන එන කතාවකි.

ආශ්‍රිත මුලාශ්‍ර 



Resolutions : 2023

  By the end of 2022 like the previous year (2021) I personally established a list of resolutions focusing on goal achievement which will en...