Sunday, May 3, 2020

සැමිගේ කථාව / Sam's Story (2011) - ශ්‍රී ලංකාවේ වසර තිහක සිවිල් යුද්ධයේ බලපෑම



සැමිගේ කථාව (2011) සිනමා කෘතිය කපිතාන් එල්මෝ ජයවර්ධනගේ Sam's Story (2001) නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ සිනමා කෘතියකි.

සිරිරත්න හෙවත් සැම් නම් දරුවා සහ තරුණයාගේ දැඩි දරිද්‍රතාවයෙන් පීඩිත, ඔහුගේ උපතින් ලද මානසික මෙන්ම කායික දුර්වලතා හා බාහිර පරිසරයෙන් එල්ල වූ පීඩනයන් මැද ගෙවීයන ජීවිතයට ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක සිවිල් යුද්ධය නිසාද එල්ලවන පීඩනයන්ට ද මුහුණ දෙන ආකාරය මෙම චිත්‍රපටය හරහා කලාත්මක අයුරින් සිනමා රසිකයාට ලඟාකරදීමට සමත් වී ඇත.

ධනවත් මෙන්ම දුක්පත් අයටද එකසේ තිස් වසරක සිවිල් යුද්ධය බලපෑ ආකාරය නිරූපිත මෙම චිත්‍රපටය මඟින් ජාතිවාදයේ ක්‍රියාකාරිත්වය, දුක්පත් පෝසත් මිනිසුන් අතර පවත්නා දෘෂ්ටිමය වෙනස්කම් හා සමාජ විශමතා ඉතාම හොඳින් නිරුපණය වේ.

සුන්දර කැමරාකරණයක් මෙන්ම සොඳුරු සංගීත කාණ්ඩ හරහා අලංකාරවත්ව නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණය ශ්‍රී ලංකාවේ පවත්නා සමාජ ක්‍රමය නිර්මාණත්මකව මෙන්ම යතාර්තවාදීව නිරුපණය කිරීමක් ලෙස හැඳින්විය හැක.

ප්‍රධාන චරිතය නිරුපණය කරන සැමි ට රංගනයෙන් දායකත්වය දෙන ජගත් චමිල සහ උප චරිතයකට පන පොවන සනත් ගුණතිලක අමතක නොවන රංගන දායකත්වයක් සිනමා කෘතියට ලබා දෙයි.

මා 2001 දී පළවූ නවකතාව කියවා නොමැති වුවත් කිසිඳු බාධාවකින් තොරව රසවිඳිය හැකි වූ මෙම සිනමා සිත්තම මානව වාදී තේමාවකින් ගලායන අතර ඇසට කඳුලක් ගෙන එන කතාවකි.

ආශ්‍රිත මුලාශ්‍ර 



No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...