Monday, May 11, 2020

ඇවිළෙනසුළුයි (2020) : අධියතාර්තවාදී හා ත්‍රාසජනක ශ්‍රී ලාංකීය සිනමා කෘතියක්



"ඇවිළෙනසුළුයි (2020)" සිනමා කෘතිය මා නැරඹුවේ 2020 මාර්තු 13 වෙනිදා වන අතර ශ්‍රී ලංකාව දිවයින පුරා ඇඳිරි නීතිය කොරෝනා / කොවිඩ් -19 වෛරසය පැතිරීම නිසා පැනවුයේ ඉන් දවස් කිහිපයකට පසුය.

ශ්‍රී ලාංකීය සිනමාවට නව ශානාරීයක් මෙමඟින් නිරුපණය වුවද මෙය ඉතාමත් හොඳින් ගලායාමක් ඇති සිනමා කෘතියක් නොවේ.

සිනමා කෘතියට අධික ලෙස නාට්‍යමය ස්වරුපයක් ලඟා කිරීමට යෑමෙන් චිත්‍රපටය රසවිඳීමට නරඹන්නාට තරමක් දුරට බාධාවක් එල්ලකරද මෙය ඉතාමත් හොඳින් තාක්ෂණික වශයෙන් නිර්මාණය වූ සිනමා කෘතියකි.

සිනමා කෘතිය හරහා ආගම සහ ශ්‍රී ලංකාවේ විශ්වාස පද්ධතිය දැඩි ලෙස විවේචනයට බඳුන් කර ඇත.

අධියථාර්තවාදී සිනමා සම්ප්‍රදාය සහ ත්‍රාසජනක සිනමා සම්ප්‍රදායේ මිශ්‍රණයක් වන මෙම සිනමා කෘතිය ශ්‍රී ලංකීය සිනමාවේ නව මානයක් නිරුපණය කරන බව පැවසිය හැක.

ඩේවිඩ් ලින්ච් හා ක්වින්ටන් ටරන්ටිනෝ ගේ සිනමා සම්ප්‍රදායන් මෙන්ම 1960 වර්ශයේදී බිහිවූ ඇල්ෆ්‍රඩ් හිච්කොක් ගේ "සයිකෝ" සිනමා කෘතියේ ලක්ෂණ පෙන්වීම හරහා මෙම සිනමා කෘතිය ශ්‍රී ලාංකීය සිනමාවේ නව සංදිස්ථානයක් පෙන්නුම් කරයි.

මෙම සන්දිස්ථානය හරහා "ඇවිළෙනසුළුයි (2020)" සිනමා කෘතිය ශනරිය වශයෙන් ශ්‍රී ලාංකීය සිනමාවේ ළඟා කරගන්නා විශාල සාර්ථකත්වයකි.

ආශ්‍රිත මුලාශ්‍ර

Avilenasului (2020) [image] Available at: https://www.imdb.com/title/tt9442040/mediaviewer/rm919761920 [Accessed 11 May 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...