Monday, May 11, 2020

එකමත් එක රටක (Once upon a time) (2009) : එකමත් එක රටක ආදරයක්.......



සනත් ගුණතිලක නම් ප්‍රකට ශ්‍රී ලාංකීය රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් ආලෝකවත් වන මෙම සිනමා කෘතිය සංගීතවත් වන්නේ සුප්‍රකට සංගීතඥයකු වන ප්‍රේමසිරි කේමදාස අතිනි.

නුවර එළිය ප්‍රදේශයේ රූගත කර ඇති මෙම සිනමා නිර්මාණයේ දර්ශණයන් ඇස් වලට ප්‍රියය. තේමාව නැවුම්ය. ෆැන්ටසියත් (අරුමසියත්) යථාර්තයත් අතර දෝලනය වන මෙම ගුප්ත සහ අමුතු ආදර කථාව ගැඹුරු තේමාවක් ඇති සිනමා නිර්මාණයක ලක්ෂණ පෙන්නුම් කරයි.

රංගනයෙන් දායකත්වය ලබාදෙන රොෂාන් රවින්ද්‍ර, නිරෝෂා පෙරේරා සහ සනත් ගුණතිලක ස්වභාවික මෙන්ම හොඳ නිර්මාණයකට අවශ්‍ය කාර්ය භාර්ය ඉෂ්ට කරයි.

ආදරය සහ ලිංගිකත්වය යන තේමාවන් මුලික කරගත් මෙම නිර්මාණය මිනිසාගේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්වයේ අඳුරු මෙන්ම දීප්තිමත් පැති නිරීක්ෂණය කරන සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.

ආශ්‍රිත මුලාශ්‍ර

Ekamath eka rataka (2020) [image] Available at: https://www.imdb.com/title/tt8006182/mediaviewer/rm2302693120 [Accessed 12 May 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...