Tuesday, March 18, 2025

රාණි (2025) නැරඹිමේ ෆැන්ටසිය








මම අම්මා එක්ක කාලෙකින් චිත්‍රපටියක් බැලුවේ. ඒ අවුරුද්දකට විතර පස්සේ. ඒකත් බැලුවේ රාණි (2025). ඒ 2025.03.15 ගම්පහ රීගල් එකේ රෑ 7 දර්ශනය.


මෙම චිත්‍රපටය ආශ්‍රිතව බොහෝ විශාල කතිකාවක් බිහිවූ අතර එය විශාල ආදයම්ද ඉපයූ බව සදහන් වෙනවා. මම බැලූ දර්ශනයටත් විශාල වශයෙන් සෙනෙග ඇවිත් සිටිම එයට හොද උදාහරණයක්.


රාණි (2025) වර්තමාන ආණ්ඩුවට හොද තල්ලුවක්.


මමත් චිත්‍රපට පිස්සෙක් නිසා රාණි (2025) නැරඹුවේ කැමැත්තෙන්. මාවත් ඒ විදිහට සකස් වී තිබුනු නිසා එහි සුමට මෙන්ම රලු 'පාර සිනමාව' (meta cinema) මට ස්මීපව දැනුනා.


ශෙහාන් කරුණාතිලකගේ බුකර් සම්මාන දිනු The seven moons of maali almeida (2022) කෘතියත් මේ හා සමගාමිව තේමාව අතින් සමානයි.


පහත link එකෙන් මම පොත දැක්ක විදිහ දකින්න පුළුවන්.
Dealing with SK (Shehan Karunathilaka)


https://bookerreadsdaily.blogspot.com/2024/12/dealing-with-sk-shehan-karunathilaka.html




ඒ නිසා මේක මිස් කරන්න බැරි film එකක්.


මම 2024 වර්ශයේ බැලුවෙත් එකම එක චිත්‍රපටයක්, ඒත් රහස් කියන කදු (2023). එම චිත්‍රපටයත් ලංකාවේ ඒ භීම සමයට උදාහරණ සපයනව.


මම ආශෝක හදගමගේ චිත්‍රපට හතරක් නරබලා තියෙනවා.


(01) ඇගේ ඇස අග (2016)
(02) අසන්දිමිත්තා (2019)
(03) අල්බොරෝදා (2022)
(04) රානි (2025)


මා පාසල් යන සමයේ අක්ශරය (2005) මහත් කතාබහට තුඩු දුන්නා. නමුත් එය මම තාම නරබා නැත.


මෙම චිත්‍රපටය නරඹන විට මට The Godfather Trilogy (1972 - 1990) හා සිංහල 'පාංශු (2018)' චිත්‍රපටය මතක් වුනා.


ඔහුගේ සිනමාවේ ඇති අතිශය බියකරු සමාජ සම්මතයන් බිද දමන ස්වභාවය අකර්ශනීයයි.


මම චිත්‍රපටය නරඹලා ගෙදර ආපු ගමන් වික්ටර් අයිවන්ගේ කදුලු සලන පාරදීසය (2006) අම්මට දුන්නා බලන්න. ඇය මා සමග ඒ භීම සමය ගැන අත්දඇකීම් බෙදාගත්තා.


මම 2025 මෙම චිත්‍රපටයට පෙර නැරඹුවේ රිඩ්ලි ස්කොට්ගේ Napolean (2023), එයත් සම්මත චරිතාපදාන චිත්‍රපට සම්ප්‍රදායට වෙනස් වූ චිත්‍රපටයක්.


රානී (2025) මාගේ සිනමා රසිකත්වයේ සංන්දිස්තානයක් වේවී. ඒ එම චිත්‍රපටය ආශ්‍රිතව බිහිවූ කතිකාව හා අලවිකරනය හා වර්තමාන දේශපාලනයට එම නිර්මානය අතිශය සමීප වන නිසාය.


පසු ලිවිම - අල්බොරොදා (2022) ආශ්‍රිතවද මෙවැනි කතිකාවක් මෙන්ම පැබ්ලෝ නෙරුඩාගේ පරිවර්තන දෙකක් නිකුත් වීම සදහන් කල යුතුය. එම පොත් මා මිලදිගැනිමද සදහන් කල යුතුය. ඒ 2022 දී පැවැති ආර්තික අර්බුදය හා අරගල සමය මැදය.

No comments:

Post a Comment

Fantasy of watching 'Rani (2025)'

  It has been a long time since I watched a film with my mother, and it was also 'Rani (2025)'. It was on 2025.03.15 at Gampaha - Re...