Sunday, October 29, 2017

පාවා දීම. [කෙටි කතාවකි.]



මෙම රුපය අන්තර්ජාලය හරහා 2010 දී උපුටා ගත්තකි.

'Lifer' බ්ලොග් පිටුවේ පලවන කෙටිකතාවල නම් ගම් හා චරිත සියල්ල මනඃකල්පිත වේ. එම කතාවලට සම්බන්ධ ආයතන ද එසේම මනඃකල්පිත වේ.

*********************************************************************************

--------------------------------------------------------------------------------------------------------------------------
අවට නගරය දුමාරයෙන් වැසී ගොස් ය.

දෙවැනි අදියරේදී අහසින් වැටුනු මිසයිල ප්‍රහාර වලින් ඇතිවූ පිපිරීම් මගින් වහනය වන දුම්, කදුළු ගෑස් සහ අධික වාර්ෂාව නිසා බිහිවූ බොදවී ගිය නගරය පැරණි තෙල් සායමින් ඇදී යුද විරෝධී චිත්‍රයක් වෙනිය.එම චිත්‍රයට මිනිසා හා ස්වභාවධර්මය යන දෙපාර්ශ්වයම දායක වී සිටියේය. මෙය ඉතාම සියුම් මෙන්ම සංකීර්ණ මානසික උත්චේදනයක් ලබා දෙන මොහොතක් විය.

මෙම ඉතාම ව්‍යාකුල අවස්ථාව තුල මනුෂ්‍ය චින්තනයෙ ඇතිවිය හැකි සිතුවිලි හොද හෝ නරක ලෙස වෙන්කර හැදින්විය නොහැක. ඉතාම අපැහැදිලි වූ සිතුවිලි වරුසාවකින් මනස තෙමි බරවී තිබිය හැකිය. ව්‍යාධිය, වේදනාව හා කෝපය යන කළු ධුමරය නිසා මිනිසාගේ සිත බිදී ගියා විය හැක.

අවට වෙඩි තැබීම හා පිපිරීම් ක්‍රමක්‍රමයෙන් නැවත ඇරබිමෙන් බිදීගිය නගරය මෙන්වූ සිත, කය හා හදවත් ඇත්ත්තාවුන් මේ පාළු නිසරු බිමේ මන්දගාමිව පන අදිමින් යථාර්තය හා මෙහෙයුමේ අරමුණ සොයනු ඇත. තත්ත්වය එතරම් බරපතලය. දෙපාර්ශවයටම එතරම් හානිවන අයුරින් යුධ බිමේ දෙවන අදියර සාර්ථක වී ඇත්තේය.

අසල බිදි ගිය ගසකි. ගොඩනැගිලි ගරා වැටේ. මහා මාර්ග තුළ අතහැර ගිය වාහන එලසම පවතී. තැනින් තැන වැටි ඇති මළ මිනි සාමාන්‍ය ජනතාව ලෙස හෝ යුධ බටයන් ලෙස වෙන්කර හදුනාගත නොහෙකි වන අයුරින් අවට පරිසරය අදුරු මෙන්ම අපැහැදිලි වී ඇත. තම දෑස තුල මැවි පෙන්නෙ හුදු මායාවක් ද යැයි සිතීමට තරම් මනුෂ්‍යකුට මෙම දර්ශණ් පෙළ සිතෙහි කොනක සගවා නැවත මතකයට එන නොඑන ලෙස ගබඩා කිරීමට ඔහු අවශ්‍යය වනු ඈත.

මේ තත්ත්වය නිසා සිතට දැනෙන නව චින්තන දාරාවන් පැහැදිලි කිරීමට ඔහුගේ භාෂා භාවිතය, පුහුණුව හෝ පෙර අත්දකීම් තුලින් ලද මානසික පරිණත බව ප්‍රමාණවත් නොවුන ඇත.

ඔහු කලාකරුවක් නම්, ඡයාරුපය ශිල්පයක් නම්, සාහිත්‍යකරුවක් නම් මෙම ලේකනගත කල ඔහුගේ දුක්කදායක අත්දැකිම්, වේදනාකාරී අතීතය නියම හා සුක්ෂම අයුරින් අදාල කලා මාධ්‍ය හරහා ජනතාකරණය කලේනම් ඔහු ජගත් කලාශිල්පයකු වනු ඇත. මෙම මොහොත එතරම් සංකිර්න අවස්ථාවක් විය.

--------------------------------------------------------------------------------------------------------------------------

දෙවන අදියර සිදුවුයේ නගරයේ හදවතේය. ඒ වනවිටත් නගරයේ මුලික ස්ථාන කිහිපයක් තුල සටන් ආරම්බ වි තිබිණ. නගරය තුළට අහසින් පැරචුට් හරහා මෙන්ම රථවාහන වලින්ද යුධ හමුදා මෙන්ම ත්‍රස්තයන් ද එකතු විය. බලාපොරොත්තු නොවූ යුධ පෙරමුණක් වූ මෙය ජීවිත හානි විශාල ප්‍රමනයක් වැලක්විය නොහැකි විය.

සටන මුලික ව හමුදාවන් අතර සිදුවුවද පරිසරය හා පලායන්න්ගේ මානසිකත්වය වෙනස් වුයේ බලාපොරත්තු නොවූ මිසියිල වරුසවකිනි. එසැනින් සිදවූ මෙය නගරය දෙදරුම් කවමින් ක්ෂණියකින් සටන නිහැඩියාවකට ලක් කළේය. මෙම පාවා දීමෙන් පසු සටන ගැන මොහොතකට දෙපර්ශවයට පසෙකට වී කල්පනා කරන්න ට විය හැක. සමහරුන් නොදෙනුවත්වම ජීවිත පුදකළා විය හැක, සටන මෙහෙය වු නායකයින් බියෙන් මනෝ විකාරයෙන් සිටිනු ඇත. එලෙස විනාශ වූ නගරය වෙඩි හඩවල් තෙනින් තෙන ඇසුනද සමස්තයක් ලෙස අවසන් මොහොත ට මුහුණ දුන්නේ ය.

-------------------------------------------------------------------------------------------------------------------------

යුධ බටයන් දෙදෙනෙක් නගරයේ ධුමාරයේ මැදින් තම හැකි අයුරින් දිව්වේ ය.

දෙවන අදියර බලාපොරොත්තු නොවූ සටන් ප්‍රහරයක් නිසා බිද වැටුණු සංග්‍රාමයක් නිසා මෙහෙයුම් අසාර්තක වි ඇති බව සිත්මින්දෝ ඔවුන් වේගයෙන් නගරයේ නැවති හැරගිය රථ වාහන අතරින් දිව ගියේය.

ඔවුන්ගේ ශරීරය වර්ෂාවත් සමග තෙත්වී මඩ තැවරී  ඉතාම අපිරිසිදු ස්වභාවයෙන් ගත්තේය. දෙදෙනා තුළම මන්ද මානසික ස්වාබවයකින් හැසිරෙන බවක් පෙනුනේය. ඒ බෝම්බ ගැසිමත් සමග සිදිවු ශ්‍රවණයට වන වූ හානි දැයි සැක සහිත ය. වර්ෂාව හා පරිසරයෙ දුමාරය ශීඝ්‍ර ලෙස ඉහල ගියේය.

පාවා දීමත් සමග ව්‍යාකුල වූ සෝල්දදුවන් දෙදෙනා නගරය තුල අතුරුදහන් විය.

No comments:

Post a Comment

Fantasy of watching 'Rani (2025)'

  It has been a long time since I watched a film with my mother, and it was also 'Rani (2025)'. It was on 2025.03.15 at Gampaha - Re...