Saturday, October 12, 2024

පෝස්ටරේ සහ කුරුම්බා - නිහාල් නෙල්සන් මතක

මාගේ ළමා සහ පාසැල් යන සමයේ එනම් 2002 වසරේදී එනම් මා 6 වසරේදී ඉගෙනුම ලබන විට අප නිවසට යාබද නිවසක සිටි මාගේ පාසලේම ඉගෙනුම ලැබූ මාගේ අයියාගේ වයසේ ශිෂ්‍යයකු වූ තීක්ෂණ කොඩිකාර නම් අයියා සමග සොඳුරු මෙන්ම ඉතාම දරුණු මතකයන් ඇත.

එයින් එක් මතකයක් නම් ඔහු සමඟ නිහාල් නෙල්සන්ගේ (1946 - 2022) ගීත වලට සවන් දීම. 

අප ඔහු සමග අපගේ පාසල් වෑන් රථයේ සිට ගෙදර එන විට හා නිවසේදී නිහාල් නෙල්සන්ගේ කැසට් පට වලට සවන් දුන්නෙමි.

පහත Link වලින් නිහාල් නෙල්සන් ගැන යම් දැනුමක් ලබා ගත හැක.


https://en.wikipedia.org/wiki/Nihal_Nelson

https://si.m.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A

https://mirrorarts.lk/news/6614-populer-singer-nihal-nelson-no-more

https://www.bbc.com/sinhala/articles/ce70ky3egrko

https://gossip.hirufm.lk/82179/2022/12/nihal-nelson.html

https://www.gossiplankanews.com/2022/12/nihal-nelson-passed-away.html


නිහාල් නෙල්සන් සතුව ඔහුටම Youtube Channel එකක් ඇති වුවද මා හට මතකයේ රැඳී සිංදු දෙකක් එහි නැත.


https://www.youtube.com/channel/UCXOMKHdLql7Sjr21UeSPd5A

https://www.youtube.com/playlist?list=PLiEoEtVQgk02QyHOR7XQaVC2MNb0xsGW7


එම සිංදු දෙකේ රැඳුනු ගී තනුවල ඉතා කෙටි මතකයන් පහත ඇත.


ගීතය 01


තාප්ප ගානේ පාප්ප ගාගෙන පොස්ටරේ ඇලවෙයි
මාස්ටර් සර්ලා පාප්ප ගාගෙන තාප්ප වල වේලෙයි
රාත්‍රිකාලේට ඇලිච්ච දේවල් දවල්ට නොමදිස්වෙයි
තාප්ප සේරම පාප්ප නාගෙන පෝස්‍ටරෙන් වැනසෙයි

ඉංගිරිසි
ගණන් පංති
කොම්පියුටර් 
චිත්‍ර කතා

කෑම පංති
බීම පංති
ලිං පැමිණිලි
ජන්ද කතා

යටින් ඇලවිලා 
උඩින් ඇලවිලා
තාප්ප පිරිලා
තාප්ප බිමට පෙරලිලා


ගීතය 02


මේවා රෑට බීපු අරක්කූ සැර මකන කුරුම්බා
වහෙන් වරෝ නෑ ඇග පත නිවන කුරුම්බා

තුං මං හන්දියේ
බකිස් ලෑලී කඩේ
මාර්ටින් අයියගේ
කුරුම්බා වල ගුනේ

කුරුම්බා වල ගුනේ
ඇයි අමතක වුනේ
මාර්ටින් නම් යසයි
කුරුම්බා හරි ගුනයි

මෙම මතකය සිහිවන විට මාගේ වර්තමාන දුෂ්කර තත්ත්වය 1984 (1949) නවකතාවේ ' ද චෙස්ට්නට් ට්‍රි කැෆේ ' හී ගීත ඇසෙන මතකය සිහි වේ.

කාලව සහ එයට අදාළ ''වයිබ්'' එක හෙවත් රිදම් එක හෙවත් වයිබ්රේටන් එක කාලයෙන් කාලයට වෙනස් වෙනවා. Brave New World (1932) එකේ මිනිසුන්ව ''කන්ඩිෂන්'' කරනවා වගේ මාත් වර්තමාන කලාව මග හරින්න මම කන්ඩිෂන් කරගත්ත. මගේ රුචිකත්වයන් පහත බ්ලොග් පොස්ට් වලින් බලන්න පුළුවන්.


https://bookerreadsdaily.blogspot.com/2022/12/spotlight.html

https://daysofmylifeupdated.blogspot.com/2024/07/vcd-dvd-bluray-haul-removal.html

https://daysofmylifeupdated.blogspot.com/2018/08/artistic-meditation-making-hypothesis.html


කලාව මගේ වෘත්තීය භාවයට අදාළ නෑ. මම ව්‍යාපාරික වෘත්තීය ක්ෂේත්‍රයේ රැකියාව කරන්නේ. නමුත් අතීත 'කන්ඩිශනින්ග්' නිසා තාම කලාව පිලිබඳ මතක සිතට නැගෙනවා.

මම පෞද්ගලිකව struggle එකක් කරනවා. ඒක අමතක කරන්නත් එක්ක මේ post එක දානවා.

කලාව පිළිබඳව මට විශේෂ මතයක් දැන් නැහැ. මගේ vibe එකට set වෙනවා නම් මම කැමති.

මගේ FACEBOOK ජීවිතය සහ යතාර්ථය අසාමන්යයයි. බොහෝ විට පොත් ගැන හා අතිශය එපා වන සුළු විහිලු MEME මම share කලත් වසර 4ක සිට වැඩකට ඇති achievement එකක් share කර නැත.

මම FACEBOOK එකේ විවිධ කාල වල විවිධ ස්වරූප ගත්තා. පණ්ඩිත, විහිලු කාරී හා පවුල්වාදී ස්වභාවයක් ඒ තුළ තිබුනා.

නිහාල් නෙල්සන් බයිලා කිව්වා නිසා මම බයිලා ගැන පොතක් ගත්තා. ඒක ලිව්වේ මහාචාර්ය සුනිල් ආරියරත්න.



මෙහි නිහාල් නෙල්සන් ගැන නම පමණක් සටහන් වෙනවා. ඒ පහත පිටුවේ.



 විවිධ කාල වලදී විවිධ ප්‍රබේද කලාව තුල තිබේ. මෙය සුනිල් ආරියරත්නගේ පොත් කියවීමෙන් හඳුනාගත හැක.

බිලී ජෝ ආම්ස්ට්‍රෝන්ග් ගේ ග්‍රීන් ඩෙ සංගීත කණ්ඩායමේ ගීත වල ඇමරිකන් සමාජයේ දුර්වලතා පෙන්වන විදිහට ඉතා කෙටි වැකි වලින් නිහාල් නෙල්සන් ද සමාජ ප්‍රශ්න ඉතා හොඳින් පෙන්වයි. ඒවා ගැන post පහත මගේ photo album වල දකින්නට ඇත.


https://thesispa2.blogspot.com/

https://3rdworldpa1.blogspot.com/

https://3rdworldpa1.blogspot.com/2017/09/03-east-jesus-nowhere.html

https://3rdworldpa1.blogspot.com/2017/09/04-jesus-of-suburbia.html


නාරද බක්මීවැව සහ තනුජා ජයවර්දන ගේ රස රිසි ගී මා පාසල් සමයේ ඇසුවා. ඔවුන්ගේ සිංග්ලිෂ් / singlish භාවිතය එකල සිංහල භාෂා මහාචාර්ය වරුන් විවේචනය කලා. ඒ මතකයන් එක්ක මේ post එකත් සිංග්ලිෂ් / singlish වලින් දැම්මා.

FACEBOOK එකේ හැමෝම මේ post එක දැකීමෙන් මගේ මතකයේ කොටසක් එසේ සමාජගත වීමෙන් අසාමාන්‍ය විහිලුකාරී අත්දැකීමක් හැමෝටම හිමිවේ. එය ඇත්තටම විහිලු මතකයකි.





No comments:

Post a Comment

පෝස්ටරේ සහ කුරුම්බා - නිහාල් නෙල්සන් මතක

මාගේ ළමා සහ පාසැල් යන සමයේ එනම් 2002 වසරේදී එනම් මා 6 වසරේදී ඉගෙනුම ලබන විට අප නිවසට යාබද නිවසක සිටි මාගේ පාසලේම ඉගෙනුම ලැබූ මාගේ අයියාගේ වය...