Tuesday, April 14, 2020

2020.02.13 - 'Is Love Political ?' / 'ආදරය දේශපාලනිකයි ?' - වැලන්ටයින් එකට පුර්විකාවක්..... : ආදරයේ සහ සාහිත්‍යයේ බැඳීම නව මානයකට රැගෙන ගිය අවස්ථාවක්....



ආදරය අදේශපලනිකද? එය දේශපාලනිකද? යන්න විවාදයට ගැනීම සංකීර්ණ රාජකාරියකි.

ආදරය සාහිත්‍යය මගින් නිර්මිත හැඟීමක්ද ? නැත්නම් සාහිත්‍යය ආදරය මඟින් නිර්මිත හැඟීමක්ද යන්නද ලෙස විශ්ලේෂණයද එලෙසම සංකීර්ණ රාජකාරියකි.

මෙම රාජකාරිය ඉටුකිරීමට දැරූ උත්සහයක් ලෙස මෙම අවස්ථාව හැඳින්වීම වඩාත් යෝග්‍යය.

ශ්‍රී ලංකාවේ නුතන සමාජයේ ප්‍රකට සමාජ ක්‍රියාදරයෙක් / දේශපාලකයෙක්, මාධ්‍යවේදියෙක් සහ ලේඛිකාවන් දෙදෙනෙක් සහභාගී වූ මෙම අවස්ථාව සඳහා නුතන ශ්‍රී ලංකාවේ ප්‍රකට විද්‍යුත් සමාජ මාධ්‍යය ක්‍රියාකාරිකයකු 'පූරක' ලෙස සහභාගී විය.

මොවුන් විසින් මෙම අවස්ථාවේදී විශ්ලේෂණයට ගත් ග්‍රන්ථ සහ ඔවුන්ගේ නම් පහත ලෙස ඇමුණුම් සමග පෙලගැස් විය හැක.



(01) අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක් (One Hundred Misplaced Letters) - මිලින්ද රාජපක්ෂ

https://bookerreadsdaily.blogspot.com/2020/04/blog-post.html

https://bookerreadsdaily.blogspot.com/2020/04/another-perspective-of-modern-sri.html

(02) දවසක් දා හැන්දෑවක (Reflections at Dusk) - රසික ජයකොඩි

https://bookerreadsdaily.blogspot.com/2020/04/reflections-at-dusk.html

https://bookerreadsdaily.blogspot.com/2020/04/an-aesthetic-revelation-to-life-dawasak.html

(03) ලිලැක් - යේෂා ෆර්නැන්ඩු

https://bookerreadsdaily.blogspot.com/2020/04/lilac-yesha-fernando-example-to-new.html

https://bookerreadsdaily.blogspot.com/2020/04/blog-post_13.html

(04) බීර සුවඳැති හාදු ( Beer Scented Kisses ) - දිල්ෂි තත්සරණි අබේරාජ

https://bookerreadsdaily.blogspot.com/2020/04/beer-scented-kisses.html

https://bookerreadsdaily.blogspot.com/2020/04/beera-suwandathi-haadu-beer-scented.html

පුරක ලෙස සහභාගී වුයේ ෂෙනාල් ගුණසේකර ය.

වැලන්ටයින් දිනයට පෙර දින පැවති මෙම සාහිත්‍යමය උත්සවයට අදහස් දැක්වීමට 'මොහාන් රාජ් මඩවල' සහ 'ගුණසිරි සිල්වා' ද පැමිණීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

මම සහභාගී වුයේ මගේ මිතුරු 'කාවින්ද්‍ය පියසුමන' සමගය.

මෙම උත්සවය සවස 6ට පමණ ආරම්භ වූ අතර රාත්‍රී 10 වනතෙක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවතී අතර රාත්‍රී 9ට පමණ මට පිටවීමට සිදුවිය.

ඉතාම හොඳින් සංවිධානය කරන ලද සාහිත්‍යමය උත්සවයක් වන මෙම අවස්ථාව වර්තමාන සිංහල සාහිත්‍යය මුහුණ දී ඇති අර්බුධය හමුවේ වටිනා කාර්යභාරයකි.


No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...