Monday, May 18, 2020

ලොකු දුව (The eldest daughter) (1994) - ශ්‍රී ලංකා සමාජයේ ප්‍රතිබිම්බයක්


ලොකු දුව (1994) සිනමා කෘතිය සුමිත්‍රා පීරිස්ගේ නිර්මාණයක් වන අතර ප්‍රකට ආදර නවකතාකරුවකු වන එඩ්වඩ් මල්ලවාරච්චිගේ එම නමින්ම නිර්මාණය වූ නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රකට මෙන්ම අතිදක්ෂ සිනමාකරුවන් කණ්ඩායමක් හරහා නිර්මාණය වී ඇති මෙම සිනමා කෘතිය තේමාව අතින් නව මානයන් කරා රසිකයා රැගෙන නොගියද කැමරාකරණය අතින්, සමාජ දුබලතා හා විෂමතා පෙන්වීම අතින් සාර්ථක සිනමා කෘතියක් ලෙස හැඳින්විය හැක.

ශ්‍රේණිගත කිරීම් - 3.5/5

ආශ්‍රිත මුලාශ්‍ර

Loku Duwa (1994) [image] Available at: https://www.imdb.com/title/tt0110376/mediaviewer/rm3926350336 [Accessed 18 May 2020]

U Turn (2019) - A missed cinematic opportunity



U Turn (2019) is a mystery film that is the directorial debut of acclaimed cinematographer Channa Deshapriya.

Though the film succeeds in creating some suspense and mystery in the film overly dramatization creates a deviation in the plot.

But attempting to create new themes in films is commendable.


Overall rating - 2.5/5


References

U Turn (2019) [image] Available at: https://www.imdb.com/title/tt10882188/mediaviewer/rm1999276289 [Accessed 18 May 2020]

යු ටර්න් (U Turn) (2019) - නැතිවුණු අවස්ථාවක් .....



යූ ටර්න් (2019) සිනමා කෘතිය අද්භූත කථාවක් තේමාව කරගෙන නිර්මාණය වූ සිනමා කෘතියක් වන අතර චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කරන පළමු සිනමා කෘතිය වේ.

කතාව තරමක් දුරට කුතුහලය නරඹන්නා තුළට ඇතුළත් කිරීමට සමත් වුවද අධික නාට්‍යකරණය කිරීම නිසා තේමාව මඟ හැරී ඇති බව පැවසිය යුතුයි.

නමුත් කතා තේමාව හරහා නව මානයක් සොයා යාමට තැත් කිරීම අගය කල යුතුයි.

ශ්‍රේණිගත කිරීම - 2.5/5

ආශ්‍රිත මුලාශ්‍ර

U Turn (2020) [image] Available at: https://www.imdb.com/title/tt10882188/mediaviewer/rm1999276289 [Accessed 18 May 2020]


Sunday, May 17, 2020

Tsunami (2020) : The victims of the tsunami waves



Tsunami (2020) film reflects on the victims of the 2004 tsunami disaster that impacted Sri Lanka in an artistic and cinematic manner.

The filmmaker using this film as a tool to communicate the message, that in front of nature everyone is equal and racism has no place, is successful.

Somarathna Dissanayake's newest film has also been able to capture his previous style of children's films and is also a successful one at that.


Overall rating - 3/5


References

Tsunami (2020) [image] Available at: https://www.imdb.com/title/tt9471782/mediaviewer/rm3210183937 [Accessed 18 May 2020]


සුනාමි / Tsunami (2020) : සුනාමි රළ කඳට බිලීවූ මිනිස් කැළ....



සුනාමි (2020) සිනමා කෘතිය හරහා 2004 වර්ෂයේ ආසියානු කළාපයට බලපෑ සුනාමි ස්වභාවික ව්‍යසනය හරහා ශ්‍රී ලංකාවට සිදුවූ බලපෑම නිසා අවතැන් වූ හා ජීවිත හානියට ලක්වූ මිනිසුන්ගේ මානසික හා කායික වේදනාවන් කලාත්මක හා සිනමාත්මක අයුරින් නිරුපණය වේ.

ජාතිවාදය ස්වභාවධර්මයට අදාළ නොවන ආකාරය ඉතා සියුම් ලෙස තේමාවට ඇතුළත් කරගන්නා සිනමාකරුවා තම පණිවිඩය ජනගත කිරීමට දැරූ උත්සාහය සාර්ථක වී ඇත.

සෝමරත්න දිසානායක ගේ නවතම සිනමා සිත්තමක් වන මෙම කෘතිය ඔහුගේ පෙර පැවති ළමා කථා සම්ප්‍රදායම යොදාගනිමින් මෙම නිර්මාණයද සිදුකර ඇත.

ශ්‍රේණිගත කිරීම - 3/5



ආශ්‍රිත මුලාශ්‍ර

Tsunami (2020) [image] Available at: https://www.imdb.com/title/tt9471782/mediaviewer/rm3210183937 [Accessed 18 May 2020]

Monday, May 11, 2020

Ekamath Eka Rataka (Once upon a time) (2009) : Once upon a time there was a love story.......



This film is written and directed by famous Sri Lankan actor Sanath Gunathilaka and music is composed by famous musician Premasiri Kemadasa.

This film cinematographed in Nuwara Eliya is a feast for the eyes. The storyline and plot are fresh. A film that is made with a fusion between reality and fantasy, this mysterious and weird love story has deep undertones of a good film.

Roshan Ravindra, Nirosha Perera, and Sanath Gunathilaka give natural acting performances to create a good film.

A film that has love and sexuality as the theme, has been able to explore the dark and the bright sides of how the human mind works through cinematic techniques.3

Overall - 3.5/5

References

Ekamath eka rataka (2020) [image] Available at: https://www.imdb.com/title/tt8006182/mediaviewer/rm2302693120 [Accessed 11 May 2020]

එකමත් එක රටක (Once upon a time) (2009) : එකමත් එක රටක ආදරයක්.......



සනත් ගුණතිලක නම් ප්‍රකට ශ්‍රී ලාංකීය රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් ආලෝකවත් වන මෙම සිනමා කෘතිය සංගීතවත් වන්නේ සුප්‍රකට සංගීතඥයකු වන ප්‍රේමසිරි කේමදාස අතිනි.

නුවර එළිය ප්‍රදේශයේ රූගත කර ඇති මෙම සිනමා නිර්මාණයේ දර්ශණයන් ඇස් වලට ප්‍රියය. තේමාව නැවුම්ය. ෆැන්ටසියත් (අරුමසියත්) යථාර්තයත් අතර දෝලනය වන මෙම ගුප්ත සහ අමුතු ආදර කථාව ගැඹුරු තේමාවක් ඇති සිනමා නිර්මාණයක ලක්ෂණ පෙන්නුම් කරයි.

රංගනයෙන් දායකත්වය ලබාදෙන රොෂාන් රවින්ද්‍ර, නිරෝෂා පෙරේරා සහ සනත් ගුණතිලක ස්වභාවික මෙන්ම හොඳ නිර්මාණයකට අවශ්‍ය කාර්ය භාර්ය ඉෂ්ට කරයි.

ආදරය සහ ලිංගිකත්වය යන තේමාවන් මුලික කරගත් මෙම නිර්මාණය මිනිසාගේ චිත්ත චෛතසිකයන්ගේ ක්‍රියාකාරිත්වයේ අඳුරු මෙන්ම දීප්තිමත් පැති නිරීක්ෂණය කරන සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැක.

ආශ්‍රිත මුලාශ්‍ර

Ekamath eka rataka (2020) [image] Available at: https://www.imdb.com/title/tt8006182/mediaviewer/rm2302693120 [Accessed 12 May 2020]

Fantasy of watching 'Rani (2025)'

  It has been a long time since I watched a film with my mother, and it was also 'Rani (2025)'. It was on 2025.03.15 at Gampaha - Re...