Sunday, September 17, 2017

මරණ මංචකයේ හිද ලියු කවි


මෙය ආකෘතිමය හරඹයක් පෙන්වන කවියක් වැනි කෙටිකතාවකි.

-------------------------------------------------------------------------------------------------------------------------

මෙය සංකීර්ණ ජීවිතය දෙස සරලව බැලීමට කියා දෙන මනුශ්‍යයකුගේ දැක්ම කියෙවෙන වාක්‍ය කිහිපයකි.

ඔහු සැමවිටම තම චින්තනය හා මානසිකත්වය සකස් කරගන්නේ මරණය හා බද්ද වය.

එවිට ඔහුගේ ජීවිතය සැම මොහොතක්ම ඔහුට සතුටෙන් සිටිය හැකියයි ඔහු සිතයි.

නමුත් එමගින් ඔහුගේ කෙටි කාලින අරමුණු සතුටෙන් ඉෂ්ට කර ගත හැකි වුවත්,


සැම තත්පරයක් හා බද්ද වූ සැම විනඩියක්ම,
සැම විනඩියක්ම හා බද්ද වූ පැයක්ම,
සැම පැයක්ම හා බද්ද වූ දවසක්ම,
සෑම දවස් හතක් එකතු වී සැදුනු සතියක්ම,
සැම සති හතරක් එකතු වි සැදුනු මාසයක්ම,
මාස එකතු වි සැදුනු අවුරුද්දක්ම,
අවුරුදු දහයක් එකතු වී සැදුනු දශකයක් ම,
දශක දහයක් එකතු වී සැදුනු ශතවර්ෂයක්
සතවර්ෂ එකතු වී සැදෙන සහශ්‍රයක්ම ඔහුට නොදැනේ.


ඔහු මෙය ගැන සිතනු ඇද්ද?

ඔහුගේ ගීත හා වදන් මරණ ම0චකයේ හිද ලියු කවි වෙනිය.

ජීවිතය හා මරණය බද්ද යි.

නමුත් එය හා ගැලපෙන අවධානම මොහු කළමනාකරණය කරන්නේ ඉතාම අමුතු විදිහිටය.

මට විටෙක පිස්සු හැදෙනවා වගේ!

ඔහුගේ කවි කියමින් හා ජීවතිය දෙස බලා උන් මම වෙලාව බලා මගේ ගේ දොර බලා පිටත් විය.

ඒ වනා විට‍ත් අනවශ්‍ය මානසික සිතුවිලි විවරණයකට මම මාගේ වටිනා විනාඩි 15ක්  මිඩ0ගු කල ඇති බව මට සිතුනි.


No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...