Sunday, October 18, 2020

ස්වරූප (2014) : ශ්‍රේෂ්ඨ ධර්මසේන පතිරාජ ගේ අධියතාර්තවාදී සහ කලාත්මක සිනමා කෘතිය

 


ධර්මසේන පතිරාජ ගේ අවසාන සිනමා කෘතියක් වන ස්වරූප (2014) ෆ්‍රාන්ස් කෆ්කාගේ කෙටි නවකතාවක් වන 'Metamorphosis' ඇසුරෙන් නිර්මාණය වුවකි.

මෙහි තිර රචනය එරික් ඉලයප්පආරච්චි සහ ධර්මසේන පතිරාජ අතින් හොඳින් නිමවී ඇත.

ඉතාමත් සියුම් සිනමාත්මක ලක්ෂණ වලට අවධානය යොමුකරන සිනමාකරුවා සංස්කෘතික මෙන්ම සමාජයීය විපර්යාසයන් නිදහසට පෙර සහ පසු සිදුවූ ආකාරය නරඹන්නාට පෙන්වීමට සමත් වී ඇත.

Eraserhead (1977) වැනි අධියතර්ත්වාදී පැරණි හොලිවුඩ් (ඇමරිකානු) සිනමා කෘති වල මතකයන් අවධිකරන මෙම නිර්මාණය නැවුම්ය.

මෙම සිනමා නිර්මාණය හරහා කුළියට ගත් මහල් නිවාසයක ජීවත් වන මධ්‍යම පාන්තික පවුලක පරිසරය හා ජීවන අත්දැකීම් නිරුපණය වේ.

මෙම කුලී මහල් නිවාසයේ ජීවත් වන්නේ ග්‍රෙගරි සැම්සන් නම් තරුණයා සහ ඔහුගේ පියා, මව, සහෝදරිය සහ නිවසේ මෙහෙකාරියයි.

මුළු නිවසම ග්‍රෙගරිගේ ආදායම මත යැපෙන අතර ඔහු වෘත්තියෙන් ඖශධ නිපදවන ආයතනයක සංචාරක වෙළෙන්දෙකි.

ග්‍රෙගරි විසින් පවුලේ සමස්ත මුල්‍යම වගකීම දරන අතර ඔහුගේ නැගණියගේ වයලීන් සංගීත අධ්‍යාපනය සහ පවුලේ මුලික වියදම්ද ඔහු විසින් දරයි.

සංචාරක තරුණ වෙළෙන්දකු ලෙස බොහෝ විට රට පුරා සංචාරය කරන ඔහු හට ගැළපෙන සමාජයීය මෙන්ම ප්‍රේම සම්බන්ධතාද පැවැත්වීම අපහසු වී ඇත.

එක්දිනක අවධිවන ග්‍රෙගරි දකින්නේ ඔහු විශාල කුරුමිණියකුට පරිවර්තනය වී ඇති බවකි.

මෙතනින් ආරම්භ වන චිත්‍රපටයේ කතාව සුන්දර දෙබස් සහ කැමරාකෝණ හරහා වර්ණවත් වේ.

මෙම සිනමා කෘතිය නරඹන්නාගේ මතකයේ සදාකල් රැඳෙනු ඇත.


සමස්ත ශ්‍රේණි ගත කිරීම - 5/5


ආශ්‍රිත මුලාශ්‍ර


Swaroopa (2014) [image] Available at: https://www.imdb.com/title/tt4235634/mediaviewer/rm1208244224 [Accessed 18 October 2020]

No comments:

Post a Comment

Resolutions : 2025

Since 2018, I have been posting my yearly resolutions to grow and develop my life, but it has been a downward spiral in achieving objectives...